❤️/💔...I want you(Chapter 03)...❤️/💔

Start from the beginning
                                    

           "ආහ්හ්හ්හ්...........කැපිලා පේනවා නේන්නම්.අර ඉන්නෙ රිටක් වගේ උසට උසේ උඩ බලාගෙන.අනී cute alien කෙනෙක් වගේ එයා.🤧🤧🤧මගෙ alien prince.............😍...................."
          
              මට එහෙම කියවුනේ හිටගෙනම වටපිට බල බල ඉන්න Mr.Kim ව දැක්කට පස්සෙයි.

                "අදත් මාස්ක් දාලා නේද¿¿¿¿¿¿හහ් ..............ඇයි එයා ඒම..........😒මං දකිනවට අකමැතිද .................😒නැත්නම් මන් වශී වෙයි කියල හිතලද.........🙄අනේ මට වැඩේමනේ...........😏ඒ වුනාට ඒම වෙන්න බැරිත් නෑ ඉතින්.........😋😋හුම්........නැත්නම් මූනේ ඒ ටික කැතද දන්නෑ............🤐වහගෙනම ඉන්නේ.........🤨සාධාරණ සැකයක් එනෝ මට............🤔🙄................"

                මට  එහෙම හිතුනේ එයා අදත් එයාගෙ සුපුරුදු මාස්ක් එක දාන් ඇවිත් තිබුණු නිසයි.

.........."anneyeonghaseyo...Mr.Kim..............."..............

              Mr.Kim ලගටම ගියපු මම හයියෙන්ම එහෙම කිව්වේ පුලුවන් තරම් දත් ටික පෙන්නලා හිනාවෙන ගමනුයි...........😁😁😁

Kim Taehyung p.o.v.

............"anneyonghaseyo....Mr.Kim...............".............😁😁😁😁😁😁

             මං පිටිපස්ස හැරෙනකොටම ඇහුණේ ඉන්හගේ කියුට් වොයිස් එක.එයා එහෙම කියන ගමන්ම දත් ඔක්කොම  ටික පෙන්නලා හිනාවුනේ හරියට චූටි බබෙක් වගේ.

              " හනේ..........මෙයා හරිම කියුට්නේ අද 🤧🤧🤧🤧...........බෝනික්කෙක් වගේ...........මොන ඇඳුමක් ඇන්දත් ලස්සනයි.හුම්..........හැබැයි කටනම් සද්දෙ වැඩියි ටිකක්.ගමටම ඇහෙන්න කතා කරන්නේ මන් බීරියි කියල හිතලද දන්නෑ............🙄🙄🙄"

           ඉන්හට පිලිතුරක් දෙන්නත් මට අමතක වුනේ එයා අද ගොඩක් ලස්සනට මට පෙනුනු නිසයි.ඇත්තටම වෙන ගෑනු ළමයි වගේ එයා විකාර ඇදුම් ඇන්දෙ නෑ.එහෙම අදිනව මන් දැකලම නෑ.මේකප්,හෙයාර් ස්ටයිල්,ජුවලරීස් එයා මේ මොකවත්ම යූස් කරෙත් නෑ.එයා දාලා හිටියෙ ගොඩක් හීනි ගෝල්ඩන් චේන් එකක් විතරමයි,මන් දැක්ක දවසෙ ඉදන් අද වෙනකන්ම.අදත් එයා ඇදල හිටියෙ ඩෙනිමකුයි ගොඩක් චාම් බ්ලවුස් එකකුයි.එයාගෙ කොන්ඩෙ උරහිස උඩින් දෙපැත්තෙන් ඉස්සරහට වැටිල තිබුණෙ එයාට අමුතුම ලස්සනක් එක් කරමින්. එයාට තිබුණෙ ගොඩක් හුරතල්,සරල,අහිංසක ලස්සනක්.සමහරවිට ඒකම වෙන්නැති ලොකුම හේතුව මං එයාට මෙච්චරම හදවතින් බැදෙන්න.එයා නැතුව ජීවත් වෙන්න බෑ කියල හිතෙන්න තරම්.එයාට පිහිටල තියෙන ඒ ලස්සන,ඒක තමා මන් මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට දැකල තියෙන ලස්සනම දේ. ඔයා මගේ විතරක්ම වෙනවනම් ,මං ඔයාට මගෙන් ඈත්වෙන්න දෙන්නෙම නෑ.මොන බාදාව ආවත් ඔයා ලගින්ම ඉන්නවා.සදහටම.ජීවිත කාලෙටම.ජීවිත කාලෙන් පස්සෙත් ඊළඟ ආත්මෙත්.
                  මන් එක එක ඒවා හිතන එක නැවැත්තුවේ මට ආපහු ඉන්හගේ කටහඩ ඇහුනු නිසයි.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now