❤️/💔...I meet you(Chapter 03)...❤️/💔

Zacznij od początku
                                    

Kim Taehyung p.o.v.

     මං එක පාරටම ඇස් දෙකත් ලොකු කරගෙන පිටිපස්සට හැරුණේ,ඒ පැත්තෙන් ඇහුනු සපත්තු සද්දයක් නිසා.   

        ඔව්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

 
      ඔව්........මං එවෙලෙ දැක්කේ එයාව........ 
දැකපු මොහොතෙම මගේ හදවත හොරකම් කරපු ,මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටිය එයාව.අපි දෙන්න අතර පියවර කීපයක් වගේ කෙටි දුරක් ඉතිරි වෙන තරමටම එයා මං ගාවට ඇවිල්ලයි හිටියේ.ඒත් මගේ හදිසි ප්‍රතිචාරයත් එක්කම එයා එතනම ගල් වෙලා වගේ මගේ දිහා බලගෙන හිටියේ ඉස්සරහටවත් පිටිපස්සටවත් මදක් හෝ චලනය වෙන්නේ නැතිවයි.
            ඒ ඇස් අතර මං මටත් නොදැනිම අතරමං වුනේ,එයාගේ ඒ ලස්සන ඇස් දෙක ඇතුලේ නිර්මානය වෙන කැඩපතෙන්  හැමදාටම මට,මාව විතරක්ම දැකගන්න ලබෙනවනම්,එය කෙතරම් දෙයක්දැයි සිතමින්.එයාගේ ලස්සන මූනේ තිබුනේ ලස්සන විතරක්ම නෙමෙයි කියලා මට තේරුණේ ඒ ඇසුත් මගේ ඇස් වලින් මිදෙන් නැතුව මා දෙසම බලා සිටි අතරවාරයේදීයි .එයාට තිබුනේ අවංක ප්‍රතාපවත් ලස්සනක් බව මට හැඟුණේ එයාගේ මූනේ හැම අඟලක් පාසාම මගේ ඇස් දෙක දුවද්දියි.වෙන ගැහැනු ළමයින්ගේ තුල නොවන ගැඹුරු ,පිරිසිදු, අවංක,විමසුම්සහගත බැල්මක් එයාගේ ඇස් වලින් විහිදුනේ මාව ඒ බැල්මෙන් විනිවිද දකිමින්.මාත් ඊට නොදෙවෙනි බැල්මක් ඒ වෙත යොමු කරේ ,එදා රාත්‍රියේ දැකපු හැඩුම්බර තරුණිය කෙතරම් ලස්සන කෙනෙක්ද යන්න මගේ හිතට දැනෙන්න ඉඩ හරිමින්.
     එයා මගේ ඇස් දිහා බලන් හිටියේ ගොඩක් පුදුමයෙන් බව පිටතට දිස් වුනත් මගේ හදවතට දැනුනේ එයත් ඒ මොහොතින් මිදෙන්න අකමැති බවකුයි.
            ඒ ඇස් සදහටම මගේම වෙනවනම් ,මගේ විතරක්ම වෙනවනම් ,ඇත්තටම මට එයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන්.ගතිගුණ ,හිතන පතන විදිහ,හැසිරීම ,මං මේ කිසිම දෙයක් එයා ගැන දන්නේ නෑ.මීට කලින් දැක්කෙත් එකම එක පාරයි.ඒත් මං දන්නව එයාව ආයෙම දකින්න මගේ හිත ගොඩාක් මග බලන් හිටියා.මගේ හදවත ගොඩාක්ම බලාපොරොත්තු වුනා ඔයාගේ රූපය.මං දන්නව කාටවත් බෑ නොදන්න නොහදුනන කෙනෙක්ට ආදරය කරන්න,විශේෂයෙන්ම මං වගේ කෙනෙක්ට.ඒත් මං පොරොන්දු වෙනවා........ඒ හැම බාදාවක්ම මං නැතිකරලා දානවා....ඔයාව මං ළඟට ගන්න..මගේම කරගන්න...
          ඇත්තටම ඔයා මං එදා දැකපු විදිහට වඩා ඔය විදිහට කොච්චර ලස්සනද....ඒත්...ඒත් ඒ ලස්සනට පිටිපස්සෙන් ඔය හිනාවෙන අවංක  ඇස්වලට පිටිපස්සෙන් ඔයා ඉන්නේ කොච්චර වේදනාවෙන්ද?ඇත්තටම ඔයා එදා අර විදිහට වේදනාවෙන් හිටියේ තාවකාලික දුකක් නිසාද?එහෙමත් නැත්නම් ඒක ඔයාට සදාකාලයටම වේදනා දෙන දුක්ඛිත මතකයක්ද?
          ඒ කොහොම වුනත් ඔයාගේ ඔය හදවත සදහටම  මගේම වෙනවනම්,මං ඔයාගේ හිතට කිසිම දුකකට ළං වෙන්නවත් දෙන්නේ නෑ.මේ ඇත්තමයි.ඒක kim taehyung ගේ පොරොන්දුවක් .කිසිම දවසක වෙනස් වෙන්නේ නැති සදාකාලික පොරොන්දුවක් .

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Opowieści tętniące życiem. Odkryj je teraz