❤️/💔...I see you(chapter 02)...❤️/💔

Start from the beginning
                                    


කොච්චර ලස්සන කාලයක්ද ඒ.......පරණ මතක මතක් වෙලා මට හිනා ගියේ නිකන්මයි.
"හරි ෂෝක් ඒ කාලේ...." මං මටම කියාගන්න ගමන් පරණ පාර්ක් එකට යන පාර දිගේ අවිදන් යන්න පටන් ගත්තේ සුන්දර මතක ගොඩකින් හදවත පුරෝගන්න ගමන්.......

Choi Inha p.o.v.

මගේ ඇස් දිගටම අඩමින් හිටියත් මට ඒක ගාණක් වුනේ නෑ.මන් ඒ කදුලු මගේ නොවන ලෙස ,හැගීම් නැත්තෙකු ගානට ඉස්සරහ බලන් හිටියා.මගේ ලගින් යන මිනිස්සු මන් දිහා බැලුවේ අගහරු ලෝකෙන් ආව කෙනෙක් දිහා බලන විදිහට .මිනිස්සු මන් දිහා බලන විදිහ ,මන් ගැන කියන දේවල් ගැන මන් කවදාවත් සැලකිලිමත් නොවුනත් අද මට දැනුනේ ඒ කතාවලින් ,ඒ බැල්මවල් වලින් මාව පිච්චෙනවා වගේ.මට කාගෙහරි උනුහුමකට ගුලිවෙලා අඬන්න ඕනි වුනා,කා එක්කහරි මගේ දුක ,දැනෙන හැගීම් කියන්න ඕනි වුනා.ඒත් මේ මොහොතේ මන් තනි වෙලා,මන් ළඟ කවුරුත්ම නෑ .සිත නොයාකාරයේ සිතුවිලි වලින් තෙරපෙද්දී මං එහෙමම නැගිට්ටේ මේ කලබලකාරී වටපිටාවෙන් මිදෙන්න මට දැඩිව ඕන වුනු නිසායි .මගේ ජීවිතේම වුනේ මේ hospital එක.මට සහනයක් දැනුනනම් දැනුනේ මෙතනදී විතරමයි.මං ,මං මේ වැඩකරන hospital එකට ඇත්තටම ආදරය කලා,ගොඩාක් ගෞරව කලා .ඒත් මට අද ,මං ගැනම පුදුමයි.මොකද කියනවනම් අද මන් වැඩිපුරම ඉන්න ආස කරපු තැන ඉන්න එක මටම එපා වෙලා.
Hospital එකෙන් එලියට ආපු මං එහෙ මෙහෙ ඇස් යැව්වා."දැන්නම් හවස හතරට විතර ඇති."මම හිතින්ම වේලාව නිශ්චය කරගත්තේ අත බැදි අත් ඔරලෝසුව දෙස හෝ නෙත් යොමා බැලීමට මට අවශ්‍ය නොවූ නිසයි.මන් ඔහේ ඇවිදන් යන්න පටන් ගත්තා.අඩියෙන් අඩිය ඉදිරියට ඇවිදන් යනකොට මට මගේ අතීතය මතක් වෙන්න ගත්තේ මට වත් හිතා ගන්න බැරි විදිහටයි.ඒත් මට ඒක වලක්වන්නට උවමනා වුණෙත් නෑ.
මන් චූටී කාලේ සතුටින් හිනා වෙලා හිටපු කාලේ,ඒ කාලෙ ඇත්තටම ගොඩාක් ලස්සනයි .මගේ මතකයක් විදිහට සුන්දර වුනේ ඒ කාලේ විතරමයි .ඊට පස්සේ දිගටම තිබුණේ දුක.....දුකම විතරයි.මේ දේවල් පටන් ගත්තේ එදා....එදා අම්මේ.....ඔයා තාත්තගේ වැරදි නිසා ,මාවත් දාලා යන්නම ගියපු එදා අම්මේ....මං ....මං ...කොච්චර ඔයාව හෙව්වද අම්මේ?මන් හිත හදාගත්ත මට තාත්තා ඉන්නවනේ කියලා හිතලා.ඒත්...ඒත්...එදා කුඩම්මව තාත්තා එක්කරගෙන ආපු දවසෙ ,මට අද වගේ මතකයි එදා,මට දැනුනු හැගීම.මට හිටිය එකම අයිතිය ,මගේ තාත්තා ....මට එයාව නැති වුනා.එදායින් පස්සේ ,දුකෙන් හිටිය මගේ ජීවිතේ අපායක් වුනා කිව්වොත් හරි.කුඩම්මගේ දුව ,එයා මට වඩා අවුරුද්දක් බාල වුනත් එයා මට සලකපු විදිහ.මට කරපු නපුරුකම් .......මට ඒ එකින් එක මතක් වෙද්දී මට දැනුනේ මගේ ඇස් ආයෙම තෙත් වෙනවා වගේ.මාව ඒ අපාගත ජීවිතයෙන් මුදව ගත්තේ ඒ ආදරණීය ඇස්. ඔව්...ඒ මගේ සීයා.එයා මාව තාත්තලාගේ ගෙදරින් එක්කන් ආවා ,එයා ළඟට .මට හොඳට ඉගැන්නුවා .මගේ තාත්තට කොච්චර සල්ලි තිබුණත් එයා ළඟ මං වෙනුවෙන් ආදරය තිබුනේ නෑ. නෑ....සමහරවිට එයා ළඟ ආදරය තියෙන්න ඇති.....නැත්නම් එයා මට තවමත් ආදරේ ඇති.ඒත් තාත්තට පුලුවන් කමක් තිබුනේ නෑ මට ඒ ආදරේ දෙන්නවත් ,අඩුම තරමේ පෙන්නන්නවත්.මට ආදරේ දුන්නේ මගේ සීයා.මගෙත් එකම බලාපොරොත්තුව ,රැකවරණය වුනේ සීයා.ඒත් අද ඒ අත්වැල මාව දලා යන්න අවසර ඉල්ලනවා,මගෙන්ම.මන් කොහොමද දෙවියනේ දරාගන්නේ මේ දේවල් ....අවුරුදු ගාණක් ආපස්සට ගිහින් තිබුණු මගේ මතකය ආයෙත් වර්තමානයේ.මට ආයෙම කෑ ගහලා අඬන්න ඕනි වුනා.මට මතක් වුනේ එකම තැනයි.ඒ තැන තමා මගේ පුංචි කාලේ ලස්සන මතක ගොඩක් හැන්ගිලා තිබුනේ.මගේ කකුල් මටම අවනත නොවෙමින් ඇවිද්දේ එතනට.ඒ නිස්කලංක පරිසරයට....ඒ ලස්සන පාර්ක් එකට .....

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now