මිනිහා පේනවට වඩා තදයෙක් එහෙනම්.

Boss සමහරවිට RM කියන්නෙ මූ වෙන්න බැරිද..? මම කියන්නෙ මූනේ ඒ පවුලේ ලොක්කා. 

නෑ. මිනිහා නෙවෙයි. මම taoට බාදා කලා.

නැත්තන් මිනිහා ඇත්තටම දන්නෙ නැද්ද දන්නෙ නෑ..

මිනිහා හරියටම දන්නවා RM කියන්නෙ කවුද කියලා …

Boss කොහොමද හරියටම කියන්නේ…..?

ඔය මිනිහා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි tao. ඒ කාලේ sang-ookගේ දකුණු අත විදිහට හිටියේ jin. ඌ කල්ලියේ වැඩ වලින් අයින් වුනත් තාම කල්ලියත් එක්ක ළගින් සම්බන්ධකම් තියෙනවා. උඹම මට කියුවානේද ඌ එක්ක SUGA හිටියා කියලා. Suga කියන්නෙ දැනට ඒ කල්ලියේ දෙවනියට බලවත්ම මිනිහා. ඌ දෙවනි වෙන්නෙ RMට විතරයි.

ඒ කියන්නෙ අනිවාර්යයෙන් jin RMව දන්නවා. Tao කියද්දී මම ඔළුව වැනුවා.

ඒත් boss උන්ට පුළුවන්නේ RM වෙනුවට වෙන කෙනෙක් RM වගේ එවන්න. අපි කවුරුත් දන්නෙ නෑ ඇත්තටම RM කියන්නෙ කවුද කියලා. උන්ට අපිව රවට්ටන එක ලේසී.

Tao කියද්දී මම හිනාවුනා.

වෙන කාට බැරිවුණත් මට පුළුවන් ඕන තැනක ඌව අදුරගන්න.

මම මගේ පුටුවෙන් නැගිටටලා ජනේලේ ගාවට යන ගමන් කියුවා.

උගෙ කටහඩ මට ජීවිතේට අමතක වෙන්නෙනැති කටහඩවල් වලින් එකක්.

මම කියුවේ පළවෙනි වගේම අන්තිම වතාවට RMව මගේ මූණට හම්බවුන දවස මතක් කරමිනුයි 

********************************************************************

06 years ago 

ලේ විලක් මැද්දේ වැටිලා හිටපු sangook දිහා බලන් හිටපු මම ආපහු හැරිලා මගේ තාත්තා ගාවට යන්න පටන් ගත්තා.

ඒත් එක්කම මගේ පිටිපස්සෙන් ඇහුන වෙඩි හඩ නිසා මම ක්ෂණිකව පහලට නැවෙද්දී මගේ hyung ඒ වෙඩි පහරෙන් මගේ ඇස් ඉස්සරහම බිමට ඇදන් වැටුණා.

Kyongට වෙඩි වැදුනා……

Chen කෑ ගහද්දී වෙඩි පාරවල් යටින් kyong ගාවට පුළුවන් තරම් වේගෙන් දිව්ව මම අඩසිහියෙන් හිටපු kyongව ඇදලා ගන්න ගමන් වෙඩි නොවදින තැනකට මුවාවුනා.

NO MORE DREAMS Where stories live. Discover now