Boss අපෙ gardලා පස් දෙනෙක්ව දැනටම මරලාදාලා. එයාලා දකුණු පැත්තෙන් එ කියන්නෙ ගබඩාව පැත්තෙන් තමයි එන්නෙ. 

පාලක මැදිරියේ හිටපු සේවකයා කියද්දි yoongi මොකුත්ම නොකියා ආරක්ෂක රූප රාමු දිහා ටික වෙලාවක් බලන් හිටියා.

අපේ කට්ටිය  අඩුයි. ලොකු ප්‍රමානයක් කවර් කරන්නනම් අපිට කණ්ඩායම් වලට බෙදෙන්න වෙනවා. Hoseok කියද්දි yoongi ඔළුව වැනුවා.

Jin hyung ඔයාට rooftop එක ගන්න වෙනවා. මන් ඔයත් එක්ක snipersලා (සයිනයිපර්) පස් දෙනෙක් එවන්නම්.

 Hoseok ඔයා fightersලා පස් දෙනෙක් එක්ක ගබඩාව පිටිපස්සෙන් ඇතුලට යන්න ලෑස්ති වෙලා ඉන්න.

Beom ඔයත් පස් දෙනෙක් අරන් එලියෙන් එන්න. මම මගේ පස් දෙනා අරන් වටෙන් එන්නම්.

උන් අනිවාර්යයෙන් මෙතනට එන්නනම් ගබඩාව පහුකරගෙන එන්න ඕනේ. Shoot කරන්න කලින් හැමෝම ඇතුලට යනකන් ඉන්න. මගේ signal එකට වැඩ පටන් ගන්න. 

Yoongi වහා තම සැලසුම පැහැදිලි කලා.

එක බැල්මකින් සියල්ල තහවුරු කරගත් පිරිස වහා බෙදී තම කණ්ඩායම් සමග තමාට නියමිත තැන් වලට පිටත් වුනේ ආයුධ සන්නද්ධවයි.

********************************************************************

තමන්ගේ ඉදිරියෙන් කළු ඇද, මූණු ආවරනය කරගත් පිරිසක් ගබඩාව තුලට ඇතුල් වෙද්දී hoseok තමන්ට නියමිත තැන සැගවී yoongiගේ සංඥාව ලැබෙන තෙක් නිහඩව බලා සිටියා.

yoongi හා beom ගබඩාව වට කලේ ආක්‍රමණිකයන් සියලුදෙනා ගබඩාවට ඇතුළු වූ බව සැක හැර දැන ගනිමිනුයි. 

ගබඩාවේ දොර අසල සැගවී සිටි මුරකරුවන් දෙදෙනා beom අතින් නිහඬ වෙද්දී  yoongi තම සංඥාව ලබා දුන්නා. ඒත් සමගම hoseok හා ඔහුගේ පිරිස ඇතුලට කඩා වැදී හතර අතට වෙඩි තියන්න පටන් ගත්තා. ඇතුලත් පිරිස එකිනෙකා මැරී වැටෙද්දී beom හා yoongi ඇතුළු පිරිසත් ගබඩාව තුලට කඩාවැදූන අතර අවසන් මිනිසාටද වෙඩි තැබූ hoseok සතුටු මූහුණින් යලි හැරුණේ ජයග්‍රහණය විදගනිමිනුයි.

නමුත් යලි පිටතින් ඇහුණු වෙඩි හඩ සමග මෙය තවමත් අවසන් නොවන බව ඔවුන් තෙරුම් ගත්තා. වහාම තම පිරිස එකට එකතු කරගෙන ගබඩාව තුල සංවිධානය වී සැගවුනේ කුමන පැත්තෙන් ප්‍රහාරයක් ඒවිද යන සැකය ඔවුන් වෙලා ගනිද්දියි.

NO MORE DREAMS Where stories live. Discover now