We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

.01.

59 14 74
                                        

චෝයි සුහා, එයා හැමදාම විශ්වාස කළේ ජීවිතේ ලොකු වෙනස්කම් එන්නේ ලොකු සිදුවීම් වලින් කියලා....කෙනෙක්ගේ හමුවීමකින්...ලොකු තීරණයක් ගැනීමකින්...එහෙමත් නැත්නම් අලුත් පාරක් තෝරාගැනීමකින්.

ඒත් ඇයට තේරුණේ නැහැ...සමහර වෙලාවට අපේ ජීවිතේ වෙනස් වෙන්නේ හරිම අහඹු විදිහට කියලා...සමහරවිට ඒක එක සින්දුවකින්, එක වචනයකින් එහෙමත් නැත්නම් කවදාවත් හමු නොවුණු කෙනෙක්ගෙන්.

සුහ කවදාවත් හිතුණේ නැහැ, ඇය කෙනෙක්ට මෙතරම් ළං වෙයි කියලා..විශේෂයෙන්ම ඇය කවදාවත් දැකලා නැති කෙනෙක්ට..ඇය කවදාවත් කතා කරලා නැති කෙනෙක්ට..ඇය දැනගෙන හිටියේ එකම දෙයක් විතරයි...ඒ ඔහුගේ නම.

Jeon Jungkook

"සුහා..."

"ම්ම්?"

"ඔයා ආයෙත් ඒක අහනවද?"

පොත් ගොඩක් අතරින් ඔලුව උස්සලා බලපු සුහාට මුලින්ම පෙනුණේ යුහීගේ මූණ

අත්දෙකත් පපුවට බැඳගෙන යුහී සුහා දිහා බලන් හිටියේ ටිකක් තරහින් වගේ.

"මොකක්ද?"

සුහා අහද්දි යුහී ඇස් කරකවලා ඇයගේ කනේ තිබුණු headphones දෙක දිහා බැලුවා.

"ඔයා දන්නවා මම මොකක් ගැනද කියන්නේ කියලා."

සුහාට යුහී කියන දේ තේරුණ නිසාම සිහින් හිනාවක් ඇයගෙ මුහුණට ආවා

"ආ..."

"ආයෙමත් Jungkookගේ සින්දුවක් නේද?"

යුහී ළග තිබුණ පුටුවත් ඇදගෙන සුහා ළගින් වාඩි වුණා.

"මට ඇත්තටම දැනගන්න ඕන. ඔයාට වෙන සින්දු නැද්ද?"

සුහා හිනා වුණා.

"තියෙනවා."

"එහෙනම්?"

"ඒත්..."

ඇය වචනය නතර කරද්දි යුහී ඇය දිහා බැලුවා.

"ඒත්?"

සුහා headphones එක ගලවලා හෙමින් පැත්තකින් තියන ගමන් කිව්වා.

"හැම සින්දුවක්ම එකම විදිහට දැනෙන්නේ නැහැ."

"ඒක මම දන්නවා."

"නැහැ යුහී... සමහර සින්දු තියෙනවා ඒවා අහද්දි අපේ හිත සැහැල්ලු වෙනවා.."

Before I knew your nameStories to obsess over. Discover now