Rainy Days

155 23 7
                                        

ඇඟ හිරිවට්ටන සීතලත් එක්ක වහින වැස්ස අස්සෙන් ඉක්මනට තමන්ගෙ නිවසට ඇවිත් දොර වහපු ලෝක ප්‍රසිද්ධ ගායක ජියොන් ජන්කුක් මුලින්ම කරේ වැස්සට ලාවට තෙමුණු සිනිඳු ලෝම කබාය ගලවලා පැත්තකින් තියපු එක.

වෙලාව රාත්‍රී හත පසු වී විනාඩි විසි හයයි. කාර්යබහුල දිනයක් ගත කරපු ජන්කුක් ⁣⁣නැවත නිවස බලා එන්න පිටත් වෙද්දිමයි දරුණු වැස්ස කඩන් වැටුණේ. වැස්සත් එක්ක ජන්කුක්ගෙ හිතේ මතුවෙන පුංචි බලාපොරොත්තුව අදත් වෙනදා වගේම ඇති වුණා. ඒකයි කාර්යමණ්ඩලය සමඟ එයාගෙ අලුත්ම සින්දු Billbord #1 වුණු එක වෙනුවෙන් කාර්යමණ්ඩලය සංවිධානය කරලා තිබුණු රාත්‍රී බෝජන සංග්‍රහයට සම්බන්ධ වෙන්නෙවත් නැතුව කලබලෙන් ගෙදර දුවන් ආවෙ.

කබාය පැත්තකින් තියපු සැණින් නිවස ආලෝකමවත් වෙන්න විදුලි පහන් දල්වපු ජන්කුක් ඊළඟට ගියේ දොර ගාවට. දොර ගාවට ගිය ජන්කුක්ගෙ මූණෙ ඇඳුණු මඳ සිනාව ටිකක් දුක්බරයි. නමුත් එතරම්ම වේදනාකාරී නැති වගයි.


අදත් දොර පාමුළ දුඹුරු පැහැති කඩදහියක ලියපු ලියමනක්.


ලියුම හරිම පරිස්සමට අතට ගතිපු ජන්කුක් මුලින්ම කරේ ඒ දුඹුරු පැහැති කඩදහිය නාසයට ළං කරපු එක. ජන්කුක් හිතුව විදියටම වෙනදා දැනෙන කෝපි මිශ්‍ර කුරුඳු සුවඳ ඒ විදයමයි. පරිස්සමට ලියුමත් අරගෙන තමන්ගෙ කාමරයට ගියපු ජන්කුක් කහ පාට එළියක් විහිදුවන මේස ලාම්පුව පමණක් දල්වලා ගිහින් වාඩි වුණේ එයාගෙ කාමරේ ජනෙල් පඩිය උඩින්.

රාත්‍රී යාමයක වැස්සක් අස්සෙ කතා පොතක් කියවනවා වගේ සනීපදායක හැඟීමකින් ඒ දුඹුරු කඩදහිය කියවන්න ගත්තෙ තොල් වල යන්තමින් කෝල හිනාවක් මතු වෙද්දි.


කූ... මතකද කූගෙ අතින් කෝපි හැලුණු මගේ සුදු පාට ස්වේටර් එක. කාලෙකට පස්සෙ අල්මාරිය අස් කරද්දි මට ඒක අද හම්බුණා.

ප.ලි.
ඒකෙන් තාමත් ඔයා ආසම කෝපි එක්ක මුහු වුණු කුරුඳු සුවඳ ලාවට එනවා මන් හිතන්නෙ.


Rainy Days || Taekook || ✔️Stories to obsess over. Discover now