🍓01🚬

146 16 49
                                        

කළු පාට පැතිරුණු අදුරු ඝන කැලෑවක් මධ්‍යයෙන් කළු පාට ආලේප උන කාර් රාශියක් අස්සෙන් ඕනෙම කෙනෙක්ගෙ නෙතට ගැටෙන්නේ ඒ කළු ආලේප උන කාර් අතරින් පතරෙ හිඩසේ ලාවට ලාවට නෙත ගැටෙන අළු පාට බෙන්ස් රථය වෙද්දී මේ බෙන්ස් රථය මේ මොහොතේ කාගේවත් නෙතට ගැටුනෙ නැත්තේ මේ අදුරු කැලෑව අස්සේ මේ රාත්‍රියේ එක මිනිස් පුලුටක්වත් නොතිබුණ නිසාවෙන්..

අළු පාට තැවරුනු බෙන්ස් රථය පදවන කෙනාට හදිස්සියක් වගේ මොකද මේ වෙද්දිත් එයාගෙ අතින් ඔය බෙන්ස් රථයෙ හෝන් එක දහවතාවකට වඩා තද උනේ අළු පාට තැවරුන බෙන්ස් රථය වටේට ඇදුන කළු පාට කාර් රථ රාශියත් ඉක්මනින්ම වේගයෙන් ඉදිරියට ඇදෙද්දී...

මේ අදුරු කැලයක් අස්සෙන් මේ මහ රාත්‍රියේ කාර් රාශියක් වට කරගෙන යන්නෙ මේ කවුද?? මේ කැලයේ මීට පෙරාතුවත් ඕනෙ තරම් මිනීමැරුම්,මංකොල්ලකෑම් සිද්ධ වෙලා තිබුණා ඉතින් මේ කැලය ඇතුළෙ මහ රාත්‍රියට විතරක්ම නෙවෙයි ගිනිමද්දහන අව්වෙ උනත් යන්න එන්න මිනිස්සු අකමැති උනා..

ඇත්තටම අකමැත්තකට වඩා ඒකට බයක් කිව්වොත් මම හිතන්නෙ මන් හරි!

ඒත් මේ වාහන අයිතිකරුවෝ මොකට බය වෙන්නද..මේ මාෆියා ලෝකයේ සිංහාසනය දරණ අධිරජු ඇතුළු පිරිස මේ මොහොතෙදි මේ ඝන කැලෑව අස්සෙන් සක්මන් කරද්දී පොඩි පොඩි මාෆියා කල්ලි දැන් කොහොම නම් මේ කැලයට එන්නද? ඒ ඇවිත් මාෆියා ලෝකයෙ අධිරජුට එරෙහි වෙන්න ඒ පොඩි කල්ලි කැමති උනත් අවසානයට හැමදාකම උනේ අධිරජුගෙන් ඔවුන්ට ඔවුන්ගෙ මරණය අත් වුණ එක විතරමයි!!

## මාෆියා ලෝකයම හොල්ලගෙන ඉදපු මාෆියා ටීම් එක වෙද්දී හැමොම වගේ ඒ නම ගැන කතා කරන්නත් බය උනා..මොකද හැම මනුෂ්‍යයෙක්ම දැනගෙන ඉදියා මාෆියා ලෝකයම තියෙන්නෙ ## ටීම් එකේ අධිරජු අතේ කියන්න..

අඩුම අවුරුදු දහයක් පුරාවට පොලීසියට අතක්වත් තියාගන්න බැරි උන ඒ මාෆියා ටීම් එක ගැන මිනිස්සු කොම නම් හිතේ බයක් නැතුව කතා කරන්නද?? ඒත් අදටත් මිනිස්සු නොදන්න රහසක් හැගවිලා තිබුණා ඒ තමයි
ඔය මාෆියා ලෝකයේ අධිරජු අදටත් එයාලා එක්ක එයාලා ළගින්ම ආශ්‍රය කරන කෙනෙක් කියන්න!!

🍓StrawberryCigarette🚬Stories to obsess over. Discover now