රාත්‍රී සමාජ ශාලා ව ඇතුළට හැමදාමත් වගේම නියෝන් වර්ණ මාලා වලින් විචිත්‍රවත් වෙලා තිබුනා.තමන්ගෙ සුපුරුදු තැනට ගියපු ජින්‍යූ ජොස් නම් වුණු වේටර් කොල්ලට කතා කළා.
" වෙනදා විදිහටමයි නෙ මිස්?"
ජින්‍යූ ඔලුව වැනුවම කොල්ලා කවුන්ටරේ පැත්තට ඇදුනාම ජින්‍යූ පැළදගෙන හිටියෙ කළු පැහැ කණ්ණාඩි කුට්ටමට ඉහළින් මුලු ක්ලබ් එකේම ඇස් යැව්වෙ කට කොනේ හිනාවක් හොයන ගමන්.තමන් කරන දේ ගැන ඇයට තේරුමක් තිබුනත් තමන්ගෙම නීතිවලට පිටින් තමන් සීමාවක් පනින්න යනවා කියලා ආයම සිහියට ආව ජින්‍යූ වේටර් කොල්ලා වීදුරු මේසෙන් තියලා ගිය කොක්ටේල් වීදුරුව සහ වොඩ්කා වලින් කොක්ටේල් එක අතට ගත්තා.
පැය භාගයක් විතර ගෙවෙනකොට ජින්‍යූ වොඩ්කා ශොට් තුන හතරකට වග කියමින් හිටියා.
"..චාඕ වොස්ත්‍රා අල්තෙත්සා..." නිල් පැහැයෙන් යුක්ත කොක්ටේල් වීදුරුවක් අතේ තියාගෙන ජින්‍යූ ඉදගෙන හිටිය සෝෆා එකෙන් ඇවිත් ඉදගත්ත අමුත්තව දැකලා ජින්‍යූට පුංචි සතුටක් අමුතු දෙයක් දැනුනත් කිසි හැගීමක් නොපෙන්වපු ජින්‍යූ වොඩ්කා ශොට් එකක් ගත්තෙ සීතල බැල්මක් ජැන්හේට දෙන ගමන්.
ජින්‍යූ ඊළග ශොට් එකට අත යවනකොට ජැන්හේ තමන්ගෙ කකුලක් අනිත් කකුල හරහට දාගෙන තමන්ගෙ කොක්ටේල් වීදුරුව මද සිනහවක් නගමින් ජින්‍යූ දෙසට දිගු කළා.ටික වෙලාවක් බලාගෙන හිටිය ජින්‍යූ පෙනෙන නොපෙනෙන සිනහවක් මුවග රදවගෙන ජැන්හේගෙ සවුදිය පිරීමේ ආරාධනාව පිළිගත්තා.
වොඩ්කා තොල ගාන අතර ජින්‍යූගෙ අකීකරු දෑස් හොරෙන්ම ඇදුනෙ තමන්ට එහා පැත්තෙන් ඉදගෙන ඉන්න අලංකාර යුවතිය ගෙ චලනයන් වලට.
ජැන්හේ ඇඳගෙන ඉන්න ඇඳුම එකිනෙකට වෙනස් වර්ණ සහ විලාසිතා දෙකක් එකට එකතු කරපු අසමමිතික වගේම අතිශය විදග්ධ නිමාවක් තිබුණු ඇදුමක්..ඇදුමෙ උඩ කොටසේ වම් පස කොටස තද කළු පැහැති සියුම් ඉරි වැටුණු රෙද්දකින් නිමවූ ගැඹුරු V කරක් සහිත අත් නැති විලාසිතාවකින් හැඩ වෙලා තිබුනා;දකුණු පස කොටස පිරිසිදු සුදු පැහැති දිග අත් සහිත බ්ලේසර් කෝට් එකක කලර් එකක් මෙන් ඇලයට ඉණ දෙසට විහිදී යන පළල් වාටියකින් සමන්විත වුණා..ඉණෙන් පහළ කොටස තද කලු පැහැති රෙද්දකින් නිමවපු දණහිස් සීමාව මදක් පමණ පසු කරන සායක්..ඒ ඇදුමෙ ඉණෙන් පහළ කොටස එකට සම්බන්ධ වෙලා තිබුණෙ ඇදුමෙ ඉහළ වම් පස කොටසට..ඒ සුවිශේෂී කළු සහ සුදු වර්ණ සංකලනයේ උදව්වෙන් ජැන්හේට උසස් විලාසිතාමය සහ වෘත්තීය මට්ටමේ පෙනුමක් ලබා දීලා තිබුනා..බෙල්ලේ තිබුන රන්වන් පැහැති මාලය නිසා මුළු ඇඳුමෙම ඇති අලංකාරය කැපිලා පෙනුනා...
YOU ARE READING
Doin' time | GL 18+ ( Slow Updates )[ Original version]
Action"පළිගැනීම සහ ආශාව පිළිබද අර්ථකථනය" (Janjingjing)
![Doin' time | GL 18+ ( Slow Updates )[ Original version]](https://img.wattpad.com/cover/411731257-64-k660395.jpg)