"සීහූ....."
"නිම්නාද බේබි... මොකද උනේ ..?"
"සෝමගෙ වැඩක් සෝම බලාගන්න."
"ඉහල පැලැන්තියේ බේබිලනේ ඉතිං.." සෝම ඇයටම මුමුණගන්නට විය.
"මට මොකද මේ වෙලා තියෙන්නේ..? කව්ද සීහූ..? ඇයි මගේ හීනවලට ඇවිත් ආයේ යන්නේ...මන් මේ අහන්නේ ඔයාගෙන් නිම්නාද ඔයාගෙන්..."
කුඩා බල්බ් දහයකින් වට වූ කැඩපත තුළ සිටිය මගෙන්ම අසා මම කෑගැහුවෙමි.
"බේබි කන්නේ නැද්ද ...?"
"මට බඩගිනි නෑ සෝමා.."
කොතරම් සෝම මමීටත් වඩා මට ආදරේ කළත් , මන් ගැන බැලුවත් සෝමටත් බැනගෙනම ගෙදරින් එළියට බැස්සෙමි.
"ශිට්! පුදුම ට්‍රැෆික් එකක්නේ මේක "
ට්‍රැෆික් එක අවසන් වන තුරුම ආණ්ඩුවට බැන බැන ඇවිත් , මට හුරුපුරුදු කැෆේ එකට මන් මන් රිංගුවේ මගේම තැනකට යන ලෙසටය...දසත කැරකී මා සොයන රුව කොහේදැයි බලද්දී ඒ රුවෙහි හිමිකරු වූ හිමරු මා අසලට විත්
"ආ හාමු මහත්තයා ආවද "
ලෙස මහා සද්දෙන් කෑගැහු නිසාම ඔහුව සොයාගැනීමට මට අපහසු වූයේ නැත .
"සොරි මචන් ලේට් උනා.."
"උබ කවද්ද බන් වෙලාවට වැඩ කලේ"
"අනේ පලයන්.. මන් හැමදාම වෙලාවට තමයි වැඩ කලේ.. "
"උබ වෙලාවට වැඩ කළා නෙවේ, උබේ වෙලාවට අනිත් උන් වැඩ කළා කියපන්.. මොකෝ දැන් මේ මට කතාකලේ බලපන් මූසලයා මගේ වැඩත් ඇරන් මන් ආවේ උබ විනාඩි හතලිස් පහක් පරක්කුයි.සිරාවටම උබනම් මහා සාපයක් බන්.."
හිමරු මොන මොනවදෝ එක දිගටම මුමුණනවා ඇහුනා හැර, ඔහු කී කිසිම දෙයක් මට තේරුනෙවත්,පැහැදිලිව ඇහුනෙවත් නැ.. මම යලි පියවි සිහියට ආවේ හිමරුගේ තඩි පහර නිසායයි සැකයක් නැත.
"කොහෙද යකෝ උබ ඉන්නේ..වෙලෝනා ලගද.. ?"
"නැ බන් මට තේරෙන්නේ නැ. මට කියන්න තේරෙන්නේ නැති දෙයක් දැනෙනවා. හරියට මොනවහරි මගෑරිලා වගේ.."
"වෙලෝනා ඕන වෙලා වගේ නේ කොල්ලට.."
"දැන්වත් ආතල් ගන්නේ නැතුව හිටපන්කෝ රෙද්ද "
YOU ARE READING
Cappuccino
Short Storyහොඳින් බැදුණු කෝපි ඇටවල සුවඳ හා සමාන මගේ ආදරේ නීරස තැන් හා එක්ව හමන මෘදු කිරි සුවඳ නම් සියුමැලි තැන් වලට උඩින් විහිදූ කුරුඳු හා කොකෝවා කුඩු නිසා අත්වන මටම පමණක් අවේණික සුවඳ කැපචිනෝ නම් අපේ ආදරේ සලකුණයි.
