බින් ශාන් වෙතට තියුණු බැල්මක් හෙලමින් එලෙසින් කියද්දී ශාන් බින් හට රැව්වේය ...
",දැන් උඹ හිතන්නේ මං මේ ඇවිත් උඹත් එක්ක බොරු කියනවා කියලද...මට මොකටද ඒ මනුස්සයාගේ නැති හොඳකි උඹට .........ආයි හුත්........."
බිම් කියන්නට යන කතාව වැරදි ලෙස අවබෝධ කරගත් ෂාන් ඔහුගේ කතාව අවසන් කරන්නට පෙර යළිත් මැදින් පනිද්දී ඉතින් හිස පිරෙන්නට ටොක්කක් බින්ගෙන් ඔහුට ලැබුනි....
" කතාවක් කියනකොට ඒක කියලා ඉවර වෙනකල් හිටපං......ඒ මනුස්සයාගේ නැති හොඳ ඇවිල්ල මාත් එක්ක කියන්ඩ උඹට පු* අමාරුවක් නෑ කියන්න මම හොඳටම දන්නවා....මම මේ කියන්නේ අපි දන්න වන්ග් යීබෝ කියන මනුස්සයා උඹ ලඟදි වෙනස් කියන එක......."
" ම්.....මං ලඟදි......."
" ඔව්......එක්කෝ මිනිහා උඹ ලඟදි වෙනස්, එහෙම නැත්තං මෙහෙට ආපු නැති අවුරුද්දක කාලෙ ඇතුලත මිනිහා වෙනස් වෙලා...."
" මම ළඟදි වෙනස් වෙලා කියන එක කොහොමටවත් අරගන්න බෑ මචන්....අර අවුරුද්දක කාලය ඇතුලත මිනිහා වෙනස් වුණා කියන එක අන්න ඒක අපි අරගමු....."
ශාන් තරමක් කලබලයෙන් එලෙසින් කියද්දී බින් ඇස් දෙක සිහින් කර ඔහු දෙස බැලුවේ මේ කවදාවත් නැති කලබලය කුමක්දැයි හිතාගන්නට නොහැකිවයි...
",උඹ ඉතිං ඒකට ඔච්චර කලබල වෙන්න ඕනේ නෑනේ......"
" න්.....නෑ නෑ මං කලබල නෑ......මං කියන්නේ ඒ මනුස්සයා අපි හැමෝටම එකම විදිහට සලකනවා කියන එක......."
" හ්ම්ම්ම්......දැන් කොහොම හරි උඹට වැඩ දෙකක් එකට පටලගෙන නටන්න සිද්ධ වුනේ නෑනේ...ඉක්මනට ඇඟපත හෝදගෙන ඇවිල්ල නිදාගනින් මට නිදිමතයි......."
එහෙම්මම ඇඳට වැටී බැන්කට් එක හිසේ සිට පොරවා ගන්නා ගමන් බිම් එලෙසින් කියද්දී ෂාන් ඔහු පොරවා ගත් බ්ලැන්කට් එක අතින් ඇද මදක් ඈතට විසි කළේය...
" හෙට උබට කීයටද ෂූටිං........"
බින් හිස ඔසවන්නේම නැතුව අසන්නා ශාන් පැත්‍තකට වීසිකල බ්ලැන්කට් එක එක් අතකින් මෙට්ටය පුරා අතගාමින් හොයන අතරයි.........
ESTÁS LEYENDO
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
15... පහලොස් වෙනි ඉලක්කය ...🏹
Comenzar desde el principio
