🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹
.
.
.
.
.
.
.
" හුඟ දවසකට පස්සෙ ඔන්න අද කට්ටියටම කතා කරනවා....හෙට ඉඳලා ඔයාලටත් වඩා මම බිසී වෙනවා කියලා දන්නවනේ... ඒක හින්දා අලුත් ඩ්‍රාමා එකත් එක්ක ඔයාලට වැඩ බෙදිලා යන විදිහ කතා කරන්න තමයි මම ආවේ....."
තවත් දින හතක් සාමාන්‍ය පරිදි ගෙවී ගිය අතර මේ ශාන් මෙතන වැඩට ඇවිත් ගෙවෙනි දොළොස් වෙනි දිනයයි...මෙම දින දොළහෙන් දින හයක්ම අලුත් ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නට ෂාන් හට සිදුවූ අතර ඊට පසුව ඉතින් පිටතට නොගියත් සෙක්ෂන් එක තුල මේ දිනවල රූගත වන ටෙලි නාට්‍යවලට අවශ්‍ය වැඩ කටයුතු කරන්නට සිදු වුණේය...
දෙවතාවක් පමණ ඔහු ප්‍රඩක්ෂන් ශෙක්ෂන් එකටත් ගියේ රොවෙන්ගේ නියෝගයන් මතයි...ෂාන් මෙහි පැමිණි දිනයේ කතා කළ පසුව අද ඩයිලෑන් උදෑසනින්ම සියලු දෙනා අමතන්නට ඇවිත් තිබුණි... හෙට සුභ මොහොතින් අලුත් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ආරම්භ වන බව ඉතින් මෙහි සියලුම දෙනාට නොරහසකි... ඩයිලෑන් එහි සෙකන්ඩ් ලීඩ් කැරැක්ටර් එකට පණ පොවයි...
සියලු දෙනාම ඉදිරියේ අත් දෙකත් පිටුපසට බැඳගෙන තේජාන්විත ලීලාවෙන් හිටගෙන සිටින ඩයිලැන් දෙතුන් වතාවක් ඉතින් ශාන් වෙතටත් ඔහුගේ බැල්ම යොමු කරන්නට අමතක කරේ නැත...
හෙට ඉඳන් බිසී වෙනවනෙ කිව්වට ඉතින් උඹ ඒ කතාවෙ අන්තිමට අර දුෂ්ඨය අතින් මැරුං කනවා කියලා මට මතක් වෙද්දි කුරිරු සතුටක් දැනෙනවා....
දෙතුන් වතාවක්ම තමන් වෙතට නොපහන් බැල්මක් වැටෙද්දී ශාන් යටි හිතින් ඔහුට බැණ වදින්නට පටන් ගත්තේය ...ඇත්තෙන්ම ඉතින් මෙතැන ඔහු වැඩ කරන්නට පටන් ගත් දිනයේ පටන් ඔහුට මුණගැසුණු අනිත් සියලුම දෙනා ඉතාමත් ලෙන්ගතු සුහදශීලී මිනිසුන් වුණත් මේ පුද්ගලයා පිළිබඳව චාන්ගේ හිතේ ඇත්තේ නොපහන් බවකි...
" රොවෙන්...... මේ දවස්වලින් ඔන්ගොයින් ෂූටින් වලට ඩියුටි දාලා ඉන්න අය කවුද........."
YOU ARE READING
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
