06.. හයවෙනි ඉලක්කය ...🏹

714 185 222
                                        

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹

.
.
.
.
.
.

" අම්මෝ ශානෝ.... උඹත් ඉදලා ඉදලා කියන්නේ මරු කතා තමයි......."

" උඹ හිනාවෙයං......"

ශාන් අමනාපයෙන් අහකබලාගනිද්දී තමන්ගේ ඇඳ මතින් නැගිට ශාන්ගේ ඇඳ මතින් වාඩිවුණු බින් ඒ කරවටා අතක් දමාගත්තේය ...

" ඌ රවනවා නෙවෙයි බං ... ඒ උගෙ හැටි.... ඒ මනුස්සයා රඟපාන ඩ්‍රාම එකක වැඩ කරන්න යනවා කියන්නේ ඕවා ඇහැට හුරු කරගන්න වෙනවා..."

උදෑසන මුහුරත් උළෙල අවසන්කර යළිත් ඉතින් ස්ටුඩියෝ එකේ වැඩ සමග කාර්යබහුල වූ ශාන් කාමරයට එන විට සවස හයට ආසන්න වී තිබුණු අතර මීට ටික වේලාවකට පෙර බිනුත් වැඩ අවසන් වී ආවේය... ඉතින් කාමරයට ඇතුළු වූ මොහොතේම ඔහු මුලින්ම ඇසුවේ අද උදෑසන වැඩ කටයුතු කෙලෙසින්ද කියාය... බුම්මට්ටො දෙන්නෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නේ... ඩයිලෑන් සර් නං කොහොමත් එහෙමයි කියලා දන්නවනේ..අනිත් බස්සා....... මූනත් අමුතු කරගෙන ශාන් පැවසූ කතාවට ඉතින් මෙතරම් වෙලාවක් බින් සිනාසුනේය..

" හ්ම්ම්ම්........මරියත් ඕක කිව්වා....ආලියත් හෙට ඉඳලා සෙට් එකට එනවා කිව්ව හින්දා ඉතින් මගේ හිතට හොඳයි."

" ආලියා ඉන්නවනං බයවෙන්නෙපා ....අනික මරියත් හොද කෙල්ල.... නියෝ අර හිස්ටොරිකල් එකට වැටිලා නේ......"

" හ්ම්ම්ම්............"

" හිටපං වොෂ් එකක් දාගෙන එන්නං......කමු....."

එලෙසින් පැවසූ බින් ශාන්ගේ පිටටත් තට්ටුවක් දමාගෙන නාන කාමරය තුළට ගොස් දොර වසා ගත්තේය...

හෙට දවස ගැන මතක් වෙද්දි ටිකක් බයයි තමයි ඉතින්.... ජියෝ කිව්වා වගේ ගැම්මෙන් ඉන්නත් ඕනේ... හැමදාම ෂූටින් නැති එකත් හිතට සතුටක්.. සතියට දවස් පහක් වගේ වැටෙනවා කියලනේ කිව්වේ.... ඉතුරු දවස් දෙක ගැන හිතලා සතුටු වෙනවා.... මරියා කියපු විදිහට හෙට තමයි ඉතින් ඔක්කොම සෙට් එකට එන්නේ... මේකප් ආටිස්ට් ලා අරුං මුං .... හැබැයි අපිට තියෙන්නේ ඇක්ටර්ස්ලගෙ වැඩලු... උන්ගෙ කකුල් මිරිකන්න එහෙමත් කියයිද දන්නේ නෑ..... එව්........මොනවද මට මේ හිතෙන්නේ... මරියව ලියින්ග් ගාවට වැටුනොත් යකෝ මං නලුවො දෙන්නගෙම වැඩ කරන්න ඕනෙද..... සර්ගෙ නං ඔන්නොහෙ කමක් නෑ සර්නේ.... අනික් මනුස්සයා.... දැක්කනේ බලපු විදිය....හරි හරි කන්ට්‍රෝල් මයි සෙල්ෆ්... දැන් ඉතින් ගඟට බැහැලා ඉවරයිනේ...පීනගෙන යන්න තමා තියෙන්නේ.. මිස්ටර් රොවෙන් කිව්වා වගේ වැඩේ ඇඟට හුරු වෙනකල් පොඩි කට්ටක් කන්න වෙනවා...

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Where stories live. Discover now