02...දෙවැනි ඉලක්කය ...🏹

758 206 207
                                        

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹.........

.
.
.
.
.
.

ෂාන් ලෙන්ගතුව කියද්දි ඉතින් රියදුරු රිය පණ ගැන්වූයේ ය...ඔහු පැවසූ කතාව ඇත්තක් බව පවසන්නට මෙන් ඉතින් ගූගල් එකෙන් සර්ච් කර දැක බලා ගත් විශාල ගොඩනැගිල්ල ඉදිරියේ වාහනය නතර කරන්නට විනාඩි දහයක්වත් ගතවූයේ නැත.......

පිටතින් පෙනෙන විශාල ගොඩනැගිල්ල දෙස විනාඩි කිහිපයක් බලාගෙන සිටි ශාන් බර හුස්මක් පිට කරමින් වාහනයෙන් බැස ගත්තේය..

**

තද නිල් පැහැති පසුබිමේ රත්තන් පැහැයෙන් ඉතා විශාල අකුරෙන් STUDIO  X'MO ලෙසින් සටහන් කර තිබෙන අතර තට්ටු හත අටක් පමණ විශාල එම ගොඩනැගිල්ල ඉදිරියේ හිටගෙන සිටින ශාන් හට දැනුනේ තමන් කුරු මිට්ටෙකු ලෙසටයි...මුදල් ලබාගත් පසු ටැක්සිය පිටව ගියේය...මෙම විශාල ස්ටුඩියෝ එක පිහිටා තිබෙන්නේ ප්‍රධාන මාර්ගය වන අතර එතැනින් එහාට මෙහාට යන වාහන වල අවසානයක් ඇත්තේ නැත...එම ස්ටුඩියෝ එකට එහා පැත්තෙන් ඒ ලෙසම විශාල තවත් ස්ටූඩියෝ දෙකක් පමණ තිබෙන බව දුටුවත් ඉතින් ශාන් ඒවා දෙස උවමනාවෙන් බලන්නට ගියේ නැත්තේ එතරම් මානසිකත්වයක් මේ මොහොතේ ඔහුට නොතිබෙන නිසාවෙනි....

තවමත් ඉතින් ඔහු සිටින්නේ ස්ටූඩියෝ එකේ ගේට්ටුවෙනුත් පිටතිනි.. තමන්ටත් වඩා උස ගේට්ටුව එක් කෙළවරක ආරක්ෂක මුර කුටියක් පිහිටා තිබෙන අතර කරේ හරහට එල්ලාගෙන තිබෙන බෑගයෙන් මෙතැනට ලබාදෙන්නට  අවශ්‍ය වෙනම දමාගෙන සිටි ලියකියවිලි කිහිපය අතට අරගත් ශාන් හිතට දැනෙන නොසන්සුන්භාවය බොහෝ ආයාසයෙන් පාලනය කරගෙන මුරකුටිය අසලට ඇවිද ආවේය..

" මොකක්ද උවමනාව මිස්ටර්....."

මුර කුටියෙහි කුඩා කවුළුවක් විවෘත කළ තද නිල් පැහැති නිල ඇඳුමෙන් සැරසී සිටි ආරක්ෂක නිලධාරියෙක් එලෙසින් අසද්දී ෂාන් එදා යිෆෙන්ග් මහතා ලබා දුන් කාඩ් එකත් ලිපියත් ඔහු අතට දුන්නේය ....ඉතින් ඒ අතට අරගත් ආරක්ෂක නිලධාරියා ශාන්ගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලාගෙන හිඳ කවුළුව වසා දැමුවේය...

බර හුස්මක් පිට කළ ශාන් එතැනම හිටගෙන සිටින්නේ යළිත් අර මුරකුටුවේ කුඩා කවුළුව විවර වී ආරක්ෂක නිලධාරියා තමන්ට කුමක් හෝ පණිවිඩයක් ලබා දෙන තුරුයි...මෙවන් අවස්ථාවල ඉතින් හිතට දැනෙන මානසික පීඩනය පිළිබඳව අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත...බොහෝ ප්‍රසිද්ධය තරු යන එන මෙවන් ස්ථානවල ආරක්ෂාව ඉතින් මේ ලෙසින් බව ෂාන් නොදන්නවත් නොවේ...

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Where stories live. Discover now