" යීබෝ ඇවිත්ද හිටියේ........"
ඉතින් කතාවේ රස බරම කොටස ආරම්භ වෙන්නට සූදානම් නිසාම කුතුහලය දරාගන්නට නොහැකිව බින් ඇසුවේය ..ඒත් සමගම ඉතින් ඒ මොහොත සිහි වූ නිසා දෝෂාන්ගේ මුහුණටත් හරි අපූරු සිනහවක් මතු වුණේය...
",ඒ මනුස්සයා හිටපු හින්දනේ මේ ප්රශ්නේ විසඳුනේ....සද්ද නොකර ටික වෙලාවක් අහගෙන ඉඳලා ඊළඟට වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා අම්මට සිරි බලන්න එපැයි කෙලින්ම කතාකලේ යිෆෙන්ග් ලොක්කට........"
" ඈහ්..........සිරා........"
ඉතින් ශාන් අතින් පයින් ඇක්ෂන් දමමින් එතැන සිදුවූ සිදුවීම පවසන විට දැන් ඒ සිදුවීම අසාගෙන සිටින පුද්ගලයාගේ මුහුනේ තිබෙන්නේත් පුදුමාකාර සිනහවකි ... ඩයිලෑන් ශාන් සමඟ මොකක්දෝ මහා ලොකු පෞද්ගලික කෝන්තරයක් පිරිමහන්නට සූදානම් වන බව දැනටමත් ඔවුන්ට ඉව වැටී තිබෙන අතරම ඉතින් කවදත් ඔහුගේ හැසිරීම තව කෙනෙක් පා පාගා තලා පෙළා කතා කිරීම නිසාම බින්ගේ සතුටට දැන් මෙය හේතුවක් වී ඇත...
" කියන තරම් යකා කළු නෑ කියලා කතාවක් තියෙනවානේ...මේ මනුස්සයා ගැනත් මට කියන්න තියෙන්නේ අන්න ඒ ටික තමයි....එක්කෝ මේ මේ මනුස්සයාගේ හැටි එහෙම නැත්නම් ඒ මනුස්සයා උඹට විශේෂයි......."
" මට........තොට පිස්සුද........"
බින් තර්කයක් ඉදිරිපත් කරන ආකාරයෙන් එලෙසින් කියද්දී ඉතින් ශාන් හට මළ යකා ආරූඪ වුණේය...
" ඔව් මට පිස්සු වෙන්නත් පුලුවන් .... හැබැයි මෙහෙමයි........."
" කොහොමද........"
" මට එක දිගට කතා කරන්න දීපං බං......"
බින් හැබැයි මෙහෙමයි පවසමින් මොකක්දෝ කියන්නට සූදානම් වෙනත් විසින් ශාන් ඊට මැදින් පනිද්දී බින්ට මලපැන්නේය.....ඉතින් ඔහුට කතා කරන්නට ඉඩ දෙන බව අඟවන්නට මෙන් අත් දෙකක් පපුවට බැඳ ගත් ෂාන් දැන් ඇස් දෙක ලොකු කරගෙන ඒ මුහුණ දෙස බලාගෙන සිටින්නේය...
" මම මේකේ ඉන්න කාලේ ඔය මනුස්සයා මේ ස්ටුඩියෝ එකේ වැඩ කරලා නෑ තමයි...හැබැයි ඉතින් ඊට කලින් ඔය මනුස්සයා මේ ස්ටුඩියෝ එකේ සමහර දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවානේ අන්න ඒ කාලේ හිටපු අය කියලා තියෙන විදිහට නං මිනිහා හෙන රෙස්පට්....පොඩ්ඩ වැරදෙන්න බැරුව කෑගහපුවා එහෙම අපි අහලා තියෙනවා.... උඹ කියන ගතිගුණත් එක්ක මේ ඒ මනුස්සයාමද කියලා හිතෙන අවස්ථා ගොඩයි.... "
YOU ARE READING
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
15... පහලොස් වෙනි ඉලක්කය ...🏹
Start from the beginning
