සිහින තනියම කියව කියව කදුලු කාටත් හොරා වතුරෙම හංගලා සෝදනවා....
" මං මෝඩද.... ඇයි මං එහෙම හිතුවෙ... කොල්ලෙක් තව කොල්ලෙක්ට ආදරෙ කරයිද ? ඒම කරත්..... ම්ම්හ්ක්... අනෙ මට දුකයිනෙ දෙයියනෙ... අම්මා.... අනේ.... "
සිහින කියව කියව වතුරෙම හිටියත් ලොක් නොකරපු කාමරෙ ගාවින් ගියපු කෙයොන්ට මේ හැමදේම ඇහුනා....
" මට එයාව එපානෙ.... එයා ආස කෙල්ලෙක්ටනෙ..... මං ආයෙත් තනිවෙනවා අම්මා.... අනේ මට බෑනෙ අම්මා... මාවත් එක්ක යන්නකො...."
මේ හැම වචනයක්ම අවසානෙ සිහින කෑ ගහල අඩනකොට මෙච්චර වෙලා සද්ද නැතුව නාන කාමරෙ දොර ගාව උන්න කෙයොන් දුවගෙන ඇවිත් සිහිනව බදාගත්තෙ කොල්ලට දරාගන්න බැරිම වෙලාවෙයි. ආවේ කවුද කියලවත් නොබලපු සිහින කෙයොන්ව බදාගෙන ඇතිවෙනකම් ඇඩුවෙ මේ වෙලාවෙ හයියක් ඕනිම වෙච්ච නිසා වෙන්නැති....
" අනේ මාව අරන් යන්නකො.... මට දුකයි... මගෙ.... මගෙ අම්මා ඕනෙ අනේ "
" ආයූ.... ආයු සන්සුන් වෙන්නකො..."
" අනේ..... මං ආදරෙ කරා...එයාට....."
" හරි ආයු හරි.... දැන් සන්සුන් වෙන්න මං ඉන්නවනෙ..."
" ඔයා යන්නෙ නෑ නේද.... ම්ම්ම් කියන්නකො... මං.... මං.... මං බයයි තනියම ඉන්න "
" මං යන්නෙ නෑ ආයූ..... මං ගොඩාක් කල් ඔයාව හෙව්වා.... ආයෙ ඔයා තනිවෙන්නෑ මගෙ දරුවො"
" අනේ... ම්ම්ම්හ්..... මං එක්ක ඉන්න"
" සීතලයි ආයු... ඔයා වෙව්ලනවා. කො අපි මේ තෙත රෙදි ගලවමු"
" ආයු.... මං ආසයි එහෙම"
" මගේ ආයු ආසයි කියල මං දන්නවා. ඔය ඉස්සරත් එහෙමයි"
" ම්ම්ම්හ් ඒ කිව්වෙ "
" අහ් මේ ටවල් එක අරන් ඇදගෙන එලියට එන්න. මං ඔයාට කෝපි එකක් හදන් එන්නම්''
" හා "
උත්තර දෙන්න බැරි ප්රශ්නෙකට සිහින මුලපුරනකොට කෙයොන් කරේ ටවල් එකක් අතට දීල නාන කාමරෙන් එලියට ආව එක....
" ඔයාට ඔව්වට දෙන්න උත්තර මං ගාව නැ මගේ ආයු..... මං දන්නෙ උබව මං ආයි නැතිකරගන්නැ කියල විතරයි. එච්චර බලවත් කාලෙත් මං උබ ලග අසරණ උනා. අදත් ඒක එහෙම්මයි..... නොලැබෙන දේවල් පස්සෙන්ම දුවන්නෙ ඇයි මගේ ආයු.... උබෙ දෛවය ඕක නෙවෙ. ඒකට විරුද්ධ වෙන ගානෙ උබයි අපියි නොසෑහෙන්න විඳවනවා."
🍁 Episode 09 🍁
Start from the beginning
