...............................................................
තනියම ඉන්න බෑ කියලා හිතුන නිසා අහස් තමන් එක්ක ඉන්න කියලා ඉල්ලපු ඉල්ලීම අහක දාන්න සිහිනට ඕනේ උනේ නෑ... අහස්ට නිදා ගන්න කියලා සිහින වොශ් දාන්න අහස්ගේ බාතෲම් එකටම ගියේ සුපුරුදු විදියට සින්දුවක් කියාගෙනමයි....
"බැස සීතල ගඟුලේ... පීන පීන නාමුකෝ නගේ....."
සිහිනගේ ගායන හැකියාව එළියට එනකොට අහස් ඔලුවේ අත ගහගත්තේ මේ සින්දු කියවිල්ල නම් තව කාලයක් කරගෙන යන්න බැරි වෙනවා කියලා දැන ගෙනමයි...
අහස් හිතපු එක වැඩි වෙලාවක් යන්නේ නැතුවම හැබෑ උනේ බෝඩිමේ හිටපු තුන් දෙනෙක් ඒ වෙලාවේ කාමරෙට කඩා වැදිලා සිහිනගේ සින්දුවට දීපු වටිනාකමට..
සාමාන්යෙන් අහස්ගේ රූම් එකට ලේසියෙන් කවුරුත් එන්නෙ නැත්තෙ අහස් කොහොමත් ඒ හැමෝම ආශ්රය කලේ අතේ දුරින් වෙන නිසා.... ගොඩක් වෙලාවට අහස්ගේ රූම් එක උනත් තිබ්බේ ලොක් කරලා... ඒත් තුහිනුයි සිහිනයි ආපු දවසේ ඉඳලා ඒක වෙනස් උනේ ඒ දෙන්නට ඕනෙ වෙලාවක අහස්ගේ රූම් එකට එන එකට අහස් ගේ විරුද්ධත්වයක් නැති නිසා...
" අහස්.... "
" අහ්... කෙයෝන් අයියේ..."
එකපාර රූම් එකට ආපු කෙයෝන්, සහේල් වගේම ආරව් දැක්ක අහස් කලබල උනේ කෙයෝන්ගේ මුණේ තිබ්බේ එච්චර හොඳ පෙනුමක් නොවන නිසා...
කෙයෝන්, ආරව්, සහේල් අහස්ට සීනියර් batch එකේ වෙනකොට ඒ තුන්දෙනා කැම්පස් එකේ වගේම බෝඩිමෙත් හිටියේ එකට. අහස් කැම්පස් එන්න කලින් වෙන බෝඩිමක හිටිය මේ තුන්දෙනා අහස් ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොටම මේ බෝඩිමට මාරු උනේ කෙයෝන්ගේ ඉල්ලීමට.... ඒත් ඒකට හරිහැටි හේතුවක් කෙයෝන්ගෙන් දැන ගන්න බැරි වෙනකොට ඒ හේතුවට කොහේ හරි අහස් ගෑවිලා කියලා විතරක් සහෙල් වගේම ආරව් දැන ගෙන හිටියා...
කෙයෝන් අනිත් දෙන්නා තරම්වත් කිට්ටුවෙන් අහස්ව ආශ්රය කලෙ නැති උනාට අහස් කරන කියන දේවල් ගැන කෙයෝන් ඉන්නේ අවදානෙන් කියලා අනිත් දෙන්නාට තේරිලා තිබ්බේ එයාලා මේ බෝඩිමට ආපු දා ඉඳලාමයි...
අහස් තව දෙන්නෙක්ව බෝඩිමට එක්කන් ආවා කියලා කෙයෝන් දැනගෙන හිටියත් කෙයෝන්ට මූණට මුණ ගැහිලා තිබ්බෙ තුහිනු විතරයි...
සිහිනව හම්බෙලා නැති උනාට කලින් දවසේ උදේ සිහිනගේ ගායන හැකියාව නිසා නින්ද නැති කර ගත්ත අය අතර කෙයෝන් මුලින්ම හිටියා...
අද හවසත් බෝඩිමට එනකොටම වගේ ඇහෙන්න ගත්ත සිහිනගේ ගායනය තව දුරටත් අහන් ඉන්න බැරි නිසාමයි කෙයෝන් අර ඩබලවත් ඇදගෙන අහස්ගේ රූම් එකට ආවේ..... මොකක් හරි හේතුවකට කෙයෝන් කොයි වෙලාකවත් අහස් ව තනියම හම්බෙන්න කැමති නෑ කියන එකත් මේ වෙනකොට සහේල් වගේම ආරව්ත් දැනගෙන හිටියා...
