බෝඩිමට ආපහු එනකම් කිසිම කතාවක් නැතුව හිටිය සිහින අහස්ව රූම් එකට ඇරලවලා එහෙමම යන්න ගියේ අහස්‍ට අහන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙද්දි..
සිහින ආපහු තමන්ගේ රූම් එකට ගියත් අහස් සිහිනව හොයාගෙන යන්න තීරණය කලේ ගෙදර ගිහින් ආපු වෙලාවේ ඉඳලා සිහිනගේ තිබ්බ හැසිරීමෙන් සිහින ඉන්නේ ලොකු අවුලක් හිතේ හිරකරගෙන කියලා අහස්ට තේරුන නිසාමයි... මොකද සිහින කියන්නෙ ස්වභාවයෙන්ම නිහඩ චරිතයක් නම් නෙවෙයි. සිහින ඉන්න තැනක නිස්කලංකනම් ඒක ලොකු ප්‍රශ්නයක් කියල එයාගෙ වටේ අය හොදටම දන්නවා. මේ පොඩි කාලේ ඇතුලත ඒක තේරුම් ගත්ත අහස් තීරණය කලේ සිහිනව පොඩ්ඩක් බලන්න.
"සිහින...."
අහස් දොර ගාවට ගිහින් කතා කලත් සද්දයක් නැති නිසා අහස් දොර ඇරගෙන රූම් එකට ගියේ හිතට දැනුනු නොසන්සුන්කමත් එක්ක...
රූම් එකේ ලයිට් එකවත් දාන්නේ නැතුව කලුවරේ තියෙනකොට අහස් ලයිට් එක ඔන් කලේ සිහිනට කතා කරන ගමන්..
"සිහින...."
ඇඳ පාමුල වාඩි වෙලා දණිස් දෙකට ඔලුව තියාගෙන හිටපු සිහින අඬනවා කියලා අහස්ට තේරුනේ ඒ උරහිස් ගැස්සෙන විදිය නිසා...
"සිහින... ඇයි මේ..."
"සිහින.... "
අහස් කතා කලත් සිහින ඔලුව උස්සන්නේ නැතුවම ඉන්නකොට අහස් සිහින ගාව වාඩි වෙලා ඒ උරහිසට අත තිබ්බේ සිහිනට කතා කරන ගමන්..
"සිහින... මොකද උනේ...."
අහස්ට තව එක වචනයක්වත් කතා කරන්න ඉඩක් නොදි සිහින අහස්ව බදාගෙන ඒ උරහිසේ ඔලුව ගහ ගත්තේ අඬන එක පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැතුව....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
