...................................................................
"සිහින.. Pls එකපාරක් මං කියන දේ අහන්න පුලුවන්ද...."
"අහස් අයියේ එක පාරක්.... එක පාරක් ... නෙමේ මං සිය පාරක් උනත් ඔයා කියන දේවල් අහන්නම්.. ඒත් මේක මේක....
.. මට කවදාවත් අහන්න ඕනේ උන දෙයක් නෙම්...මෙච්චර වංචාවක්... මෙච්චර රැවටීමක්.. නෑ.......... අයියේ නෑ.... ඔයාට කවදාවත් සමාවක් නෑ.. ආයේ කවදාවත්ම මගේ ඉස්සරහට එන්න එපා... කවදාවත්ම ........."
"ඒත් සිහින.. මං ආදරේ කළා විතරයි.. මං ආදරේ කළා විතරයි දෙයියනේ..... ඒක වැරදිද සිහින.. "
"මං ආදරේ කරපු එක වැරදිද සිහින.... "
"වැරැද්ද................ වැරැද්ද... මොකක්ද කියලා ඔයා දන්නවා අහස් අයියේහ්... මට වඩා හොඳට..... ඔයා ඒක දන්නවා අයියේ......."
"ආයේ.... ආයේ.....කවදාවත්ම....... කවදාවත්ම ඔය මූණ මගේ ඉස්සරහට අරගෙන එන්න එපා... "
"Please leave me... "
......................................................................
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
තිමිර අහස් විජේනායක.. අවුරුදු 22ක තරුණයෙක්.. පෞද්ගලීක විශ්වවිද්‍යාලයක නීති පීඨයේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න අහස් පවුලේ ඉන්න එකම දරුවා..
බිස්නස් වැඩ වලට තාත්තා නිතරම පිටරට යනකොට අහස්ට පවුලේ කෙනෙක් කියලා හිටියේ තාත්තා විතරයි.. අහස්ගේ අම්මා ගැන අහස්ට තියෙන්නෙ අවුරුදු 10ක වගෙ පොඩි කාලයක මතකයක්..
අහස් කැම්පස් යන්න පටන් ගත්තාට පස්සේ කොළඹම බෝඩිමක නතර වෙලා හිටියේ කැම්පස් එකේම තව සෙට් එකක් එක්ක.. ඒත් අහස් ඒ කාටවත් එච්චරටම ළං උන කෙනෙක් නෙමේ... බෝඩිමේ උනත් එයා හිටියේ තනි රූම් එකක..
තමන්ගේ inner circle එක පොඩියට තියාගෙන හිටියට අහස් කියන්නෙ කැම්පස් එක ඇතුලේ සෑහෙන ජනප්‍රිය චරිතයක්.. ඒකට හේතුව අහස් බාස්කට් බෝල් ටීම් එකේ හිටිය කැපී පෙනෙන චරිතයක් උන නිසා... ඒත් ඒ ඕනෙම කෙනෙක්ව අහස් ආශ්‍රය කළේ එක ලිමිට් එකකට විතරයි..
