හේශාල් මොනවාහරි කියනවා කියලා ඇහුනා උනත් ඒකට අවදානයක් දෙන්න තරම් සිහියක් තිබ්බේ නැති අහස් බයික් එකත් අරන් සීයටම පාගලා ගියේ ඉක්මනට බෝඩිමට යන්න හිතාගෙන... අහස්ගේ හිතේ මේ වෙලාවේ වැඩ කලේ එකම එක දෙයක් විතරයි...
" සිහින බෝඩිමේ තනියම.."
හේශාල් කියපු වචනයක් ගානේ අහස්ගෙ හිත ආයේ ආයේම රිදෙන්න ගන්නකොට තමන්ගේ හිතේ විතරක් තියෙන දෙයක් නිසා තවත් සිහිනට රිද්දන්න ඕනේ නෑ කියලා අහස් තීරනය කලා....
"තුහී අයියා... ඔව් ඔයා මගේ අතීතේ... හේශාල් කිව්වා හරි.... පරණ දේවල් ඒ විදිහටම මගේ හිතේ විතරක් තිබුනාවේ... ඒ දේවල් කවදාවත්ම ඔයාවත් සිහිනවත් දැන ගන්නේ නෑ..."
"සිහින.... මට සමාවෙන්න මෙච්චර කල් දුකක් දුන්නාට... ආයේ එහෙම වෙන්නේ නෑ... මං තවත් උඹට තනියම විඳවන්න දෙන්නේ නෑ... ඒත්... හේශාල් කියපු විදියට උඹ මාව අතාරිනවාද සිහින.... ඒක නම් කියන්න එපා.... ඒක අහන් ඉන්නවට වඩා හොඳයි මං මැරිලා යන එක...."
"මං උඹට ආදරෙයි සිහින... තවත් ඒක හංගන එකෙන් වෙන්නෙ මට උඹවත් නැති වෙන එක... තුහි අයියා වගේම මට උඹව නැති කර ගන්න බෑ .. ඒක දරා ගන්න ලේසි නෑ සිහින... දන්නවාද සිහින උඹ නොදන්නවා උනාට මෙච්චර කාලයක් රිදිච්ච හිත සැනසුනේ උඹ ළඟ විතරයි කියලා.. එහෙව් උඹට මං යන්න දෙයි කියලා හිතනවාද... "
"මං එනකම් ඉන්න සිහින... තවත් මේක නිසා අපි දෙන්නාගෙන් කවුරුත් විඳවන්නේ නෑ..."
කඳුලු අතරින්ම චූටි හිනාවක් අහස්ගේ මූණට එනකොට අහස් බයික් එකේ ස්පීඩ් එක තව වැඩි කලේ බෝඩිමට යන්න තිබ්බ හදිස්සිය වැඩිකමට..
...........................................................
හේශාල් එක්ක බෝඩිමට ආපු සිහින ගේට්ටුවත් ඇරගෙන ඇතුලට ආවට ආයි ගේට්ටුව වහන්නවත් සිහියක් තිබුනෙ නෑ.... කෙලින්ම කාමරේට ගිය සිහින බාතෘම් එකට ගිහින් ශවර් එක යට හිටගෙන ශවර් එකත් ඇරියෙ දවසෙම මහන්සිය වේදනාව දුක මේ හැමදේම හේදිල යන්න වගෙයි....
" හරි අයියෙ හරි.... මේක මෙතනින් ඉවරයි. ආයි මං ඔයාට වදයක් වෙන්නෑ... මං එච්චරම මෝඩ උනානෙ. සමාධි අක්කා කිව්වෙත් එදා, ඔයා හිතන විදිහ නොදැන හීන බලන්නෙපා කියල... සොරිනෙ ඉතින්"
