06.. හයවෙනි ඉලක්කය ...🏹

Mula dari awal
                                        

බින් එලෙසින් කියද්දි නම් ඉතින් ශාන්ගේ හිතට කොහෙදෝ නැති කුරිරු සතුටක් දැනුනේය...ඇත්තෙන්ම ගෙවී ගිය සති තුන හතරක කාලය පුරාවට ඩයිලන්ගේ හැසිරීම එසේත් නැතිනම් ඔහු තමන් දෙස බලන ආකාරය ශාන්ගේ මේ පසු බැස්මට ප්‍රධානම හේතුවක් වී තිබුණි....

" unexpected ......ඒක මාර ප්ලොට් එකක් බිනා.... වන්ග් යීබෝ ඒ චරිතෙ රඟපායි කියලා හිතාගන්නත් අමාරුයි....."

" උඹ බලාගෙන හිටපංකො..... බ්ලේඩ් එකේ එහෙම එයාගෙ ඇක්ටින් සුපර්බ්......."

බින් එලෙසින් කියද්දී ඉතින් ශාන් ඔහුට සිනහවක් පමණක් තිළිණ කළේ ඔහුගේ කිසිදු නාට්‍යයක් හෝ චිත්‍රපටයක් තමන් නරඹා නැතිබව සිහිවූ නිසාවෙනි....

" කාපං කාපං....... හෙට සිද්ධ වෙන දේවල් ගැන දැන් හිත හිත බඩගින්නෙ ඉඳලා හරියන්නෙ නෑනේ...මොන දේ කරන්නත් කාලා බීලා ඉන්න ඕනි..... "

බින් පවසන දේවල් වලට අවධානය යොමු කරමින් සිටිනවා ඇරෙන්නට ඉතින් කන්නට පටන් ගත් කෑම එක පිළිබඳවත් උනන්දුවක් නැතිව සිටින ශාන් හට බින් කෑසුවේය...සිදුවන දෙයක් හෙට සිදු වේවා යැයි ප්‍රාර්ථනා කරමින් බර හුස්මක් පිට කළ ශාන් නිහඬව ආහාර ගන්නට පටන්ගත්තේ ඉක්මනින් නිදාගන්නට හිතාගෙනයි...

සවස හයට පමණ කාමරයට පැමිණි පසුව බින් කාමරයට එනතුරුම මවට සහ සහෝදරියට , මිතුරන් තිදෙනා වන ශොව් චෙන් , රෑන්ග් සමඟ දුරකථනයේම රැඳී සිටි නිසා දැන් ඉතින් යළිත් කතා කරන්නට කෙනෙක් ඇත්තේ නැත....පපා ගැන කියනවා නම් ඉතින් ඔහු නිතරම දුරකථන ඇමතුම් අරගන්නා පුද්ගලයෙක් නොවේ... අඩුම තරමේ ඉතින් ස්මාර්ට් ෆෝන් එකක් මෑතකදී මිලදී ගත්තත් ඔහු වීඩියෝ ඇමතුමක් ලබාගන්නේ වත් නැත....ඒ ඔහුගේ හැටි බව මව සහෝදරිය මෙන්ම ශානුත් දන්නා නිසා ගැටලුවක් නැත....

ඒත් ඉතින් දින දෙකකට හෝ වතාවක් දුරකථන ඇමතුමක් අරගෙන කෑවද බීවද ප්‍රශ්න තියෙනවද යනුවෙන් අහන්නටත් ඔහු පුරුදු වී සිටින්නේය...

.
.
.
.
.
.

" ඔයාට මෙතනින් මෙහාට මොනවත් තියාගන්න බෑ ඔන්න..... "

" ජැකී මේ කලින් වතාවෙ වගේ මා එක්ක රන්ඩුවට එන්නෙපා ......"

" අනේ මට කා එක්කවත් කා කොටාගන්න පිස්සුවක් නෑ...... මිෂෙල් මං මේ කියන ටික හොඳට අහගන්න.... මට හොඳට මතකයිනෙ කලින් ඩ්‍රාමා එකකත් ඔයා මට කරපු දුෂ්ඨ කම්..... මගේ වැඩ වලට ඇඟිලි ගහන්න නම් එන්න එපා ඕං......"

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Tempat di mana cerita hidup. Terokai sekarang