වාඩි වී සිටි ඇද මතින් නැගිට ජනෙල් කවුළුව විවෘත කළ ශාන් ඈතින් පෙනෙන ෂැංහයි නගරය දෙස බලාගෙන බර කල්පනාවකය.... කුඩා කල පටන්ම හිතේ තදින් පැළපදියම් වූ හීනයක් ඇත.... නමුත් ඉතින් ඒ හීනයට යන මාර්ගය මෙතරම් දුෂ්කර මාර්ගයක් වනු ඇතැයි ඔහු නිකමටවත් හිතා තිබුණේ නැත... රංගන කලාව වෙනුවට උපාධිය සඳහා වෙනත් මොනයම් හෝ විෂය ධාරාවක් තෝරා ගත්තා නම් මේ වන විට ඉතින් නිදහසේ රැකියාවක නිරත වෙන්නට ඉඩ තිබුණා නොවේදැයි මෙහි පැමිණි දින කිහිපය ඇතුළත දුකින් වතාවක්ම ඇත්තෙන්ම ශාන් හට හිතී ඇත..
ඇකඩමියේ අය සමඟ විහිළුවෙන් තහලුවෙන් ගත කළ ජීවිතය, මව සහෝදරිය පියා සමඟ නිදහසේ ගෙවා දැමූ ජීවිතය, රෝඩ් ශෝ කරමින් වේදිකා නාට්‍ය දෙක තුනකට සහභාගී වෙමින් තෘප්තිමත්ව ගෙවා දැමූ ජීවිතය අහිමි වුණු නිසාදෝ ඉතින් දරාගන්නට නොහැකි දේවල් සිදුවන සෑම අවස්ථාවකම ශාන්ගේ මානසික කඩා වැටීම නතර කරගන්නට නොහැකිය....
ඒත් දැන් පසු හැරෙන්නට හැකියාවක් ඇත්තේම නැත...ගිවිසුමකින් පවා තමන් යන මාර්ගය දෙසට තමන්ව බලහත්කාරයෙන් බැඳ තබා ඇති බවක් නිකමට ශාන්ගේ හිතට දැනෙද්දී ඔහු බර හුස්මක් පිට කරමින් කවුළුව වසා දැමුවේ පිටට තිබෙන තද රස්නය කවුලුවෙන් කාමරයට ඇවිත් වායු සමීකරනය අඩපන වේවියැයි සිතුනු නිසාය....
" ආලියා ඉන්න හින්දා ගැම්මෙං හිටපං.... ඩයලොග්ස් ගැන නම් ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...මං හිතන්නේ උඹට ඔය ඩයලොග්ස් කට පාඩම්....සෙට් එකට යනකොටම අද දවසේ තියෙන කොටස හයිලයිට් කරනවනේ.... ඊලඟට උඹට කා එක්කද වැඩ කරන්න තියෙන්නේ කියලා බලලා ඒ දෙබස් ටික බලාගනින්.... "
ආහාර ගන්නා අතරතුරත් බින් සෙට දිනයේ වැඩකටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව ශාන්ව දැනුවත් කළේය...ඒ නිසාම ඉතින් ඔහුගේ හිතේ තිබුණු බර මදක් එසේත් නැතිනම් දශම ගණනක් අඩුවූ බවක් ඔහුට දැනුනි....
" ඔය අපේ සර් ඇස් දෙකත් අමුතු කරගෙන තර්ජනය කරනවා වගේ කිසි වැරැද්දක් වෙන්න බෑ කිය කිය කිව්වට ෂූටින් පටන් ගත්තහම බලපන්කෝ එකම ශොට් එක එයාට හතර පස් පාරක් කරන්න වෙන හැටි.... ලී යුන් කියන්නේ හිතන තරම් ලේසි ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි...."
YOU ARE READING
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
06.. හයවෙනි ඉලක්කය ...🏹
Start from the beginning
