"සිහින"
"දරුවෝ....ඇයි මේ..."
"අයියේ....අම්... අම්මා..... අම්මා..."
අහස් හෙමීට සිහිනගේ පිට අත ගාන්න ගාත්තේ සිහිනව සන්සුන් කරන්න ඕනේ නිසා.. ඒ වෙනකොටත් සිහිනගේ කඳුලු වලින් පෙඟිලා ගියපු ශර්ට් එක පසාරු කරගෙන ඒ කඳුලු වල සීතල අහස්ගේ උරහිසට දැනුනා...
" කෝ නාඩා ඉන්නකො සිහින. කෝ........."
" අයියේ අම්මා ඕනෙ "
" අනෙ මැණික අම්මව ගේන්න බෑනෙ අයියට. ඇයි මේ... හදිස්සියෙ ...මොකක්ද උනේ"
" අයියේ.... අම්මා...."
ගොඩක් දේවල් කියන්න සිහින උත්සාහ කරත් ඒවා වචන වෙලා එලියට ආවෙ නම් නෑ. ඉකියක් එක්ක ඒ වචන හිරවෙනකොට ඇස් රතුවෙනකම් අඩලම සිහිනගෙ මූනත් එක්ක මැලවිලා තිබුණා....තවත් ප්‍රශ්න අහල සිහිනව හෙම්බත් කරන්න අහස්ට ඕනි උනෙ නැති උනත් වෙච්ච දෙයක් හරියට නොදැන සිහිනව සනසන්නත් අහස්ට අමාරු උනා.
" හැමදේම එයා නැති නිසා අයියේ.... එයා මාව දාලා ගිය නිසා අයියෙ... අනේ එයාලා මගෙ අයියවත් මගෙන් උදුරගනී... මට කවුරුත් නැති වෙයි අයියේ.... මං තනිවෙයි.... "
"ඔයා තනි වෙන් නෑ සිහින... මං ඉන්නවනෙ. එහෙම මුකුත්ම වෙන්නෑ.සිහිනට මං ඉන්නවා... තුහී අයියා ඉන්නවා... "
කලින්ටත් වඩා හයියෙන් සිහින අඩනකොට අහස්ටත් නොදැනිම එයාගෙ ඇස් දෙකත් තෙත් උනා. .වැඩුන තරුණයෙක් කියල හැගීමක්වත් මේ කොල්ල දකින කෙනෙක්ට ඇතිවෙලා නැතුවැති කවදාකවත්.... දැන් උනත් සිහින අඩන්නෙ පොඩි ලමයෙක් අම්මව ඉල්ලන ගානට. ඇත්තටම සිහින ඉල්ලන්නෙ අහස්ට දෙන්න පුලුවන් දෙයක් නොවෙන නිසාම සිහිනගේ වචන ඉස්සරහා අහස්ට දැනුනේ හරිම අසරණ හැඟීමක්......
" අහ්....."
" මොකක්ද.... ... සිහින මොනාද මේ කරගත්තෙ"
සිහිනගෙ වම් අතෙ අල්ල පුරා ඇගිලිවලත් එක්ක තිබ්බ පොඩි පොඩි කැපුම් පාරවල් ටික අහස් දැක්කේ අහස් අත අල්ලන වෙලාවේ සිහිනට දැනුන වේදනාව නිසා...
අතෙ කැපුම් පාරවල් බල බල ඉදපු අහස්ගෙ අතින් අල්ලපු සිහින අහස්ගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ ඇස්වල කදුලු නැවතීමක් නැතුව ඔහෙ ගලන් යද්දි.
🍁 Episode 06 🍁
Start from the beginning
