01.. පළවෙනි ඉලක්කය...🏹

Start from the beginning
                                        

" කොල්ලෝ ටිකට හරි සතුටුයි මමා.... එකෙක් හරි ගොඩ යනවනේ කියලා තමයි උන් කියන්නේ......ඒත් ඉතිං වෙලාවකට මගේ හිතට හරිත් නෑ වගේ....."

ෂාන් එලෙසින් කියද්දී කරමින් සිටි රාජකාරියත් නතර කළ යීහා ඔහු අසලට ආවේය.....

" එහෙම හිතන්න එපා පුතේ..එක්කෙනෙක් හරි ගොඩ ගියොත් නේද අනිත් අයට අත දෙන්න පුළුවන්....අන්න එහෙම හිතලා හිත හයිය කරගෙන මේ ගමන යන්න...."

එවිට නම් ඉතින් වේදනාව පිරී තිබුණු ශාන්ගේ මුහුණට සිනහවක් මතුවුණේය....

" අන්න හතරයි වෙලාව යන්න ලෑස්තිවෙන්න ...."

දෙදෙනා කතාබහ කරමින් සිටින විට ඉතින් වෙලාව ඔවුන්ටත් නොදැනීම ඉගිල ගොස් තිබුණු අතර ෂාන් ඉක්මණින් සූදානම් වන්නට පටන් ගත්තේය...ලැබෙන්නට යන රැකියාව රැකියාවේ අනාගතය පිළිබඳව හිතද්දී හදවතට පුදුමාකාර සතුටක් ඇතිවුණත් කුඩා කල පටන්ම හැදී වැඩුණු ගම නිවස මිතුරන් අතහැර දමා මේ යන ගමනට ඔහු හිත හදාගත්තේ ආයාසයෙන් යයි කීවොත් නිවැරදිය....

" ඩිඩී........."

ෂාන් සූදානම් වී ඔහුගේ බෑග් ආදිය රැගෙන ආලින්දයට එන විට ඔහුගේ සහෝදරියත් අවදි වී ආලින්දයෙහි අසුනක වාඩි වී සිටියේය...ඉතින් තමන් දෙසට ඇවිදගෙන එන තම ආදරණීය සහෝදරයා දෙස ඇය බලාගෙන සිටින්නේ හදවතට දැනෙන හරි අපූරු ආඩම්බරයක්ද සමඟයි...

ඉතින් තමන් දෙසට ඇවිදගෙන එන තම ආදරණීය සහෝදරයා දෙස ඇය බලාගෙන සිටින්නේ හදවතට දැනෙන හරි අපූරු ආඩම්බරයක්ද සමඟයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao zhan ....... 25 years old......

ඉතාමත් කඩවසම් රූමත් අංග සම්පූර්ණ පෙනුමකින් යුතු තම සහෝදරයා නුදුරු අනාගතයේ තාරුකාවක් වනවා දැකීමට ඉතින් ඇයත් මේ මොහොතේ හදවතින්ම ප්‍රාර්ථනා කළේය...

" ඇයි ඔයා මේ වැස්සෙ සීතලේ නැගිට්ටේ....."

අතේ තිබුණ බෑගය බිමෙන් තැබූ ශාන් ඉක්මනින් ඇය අසලට ගොස් ඇගේ අතකින් අල්ලාගෙන අසුන් ගත්තේය...

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Where stories live. Discover now