කෙසේ හෝ ඉතින් කල්පනාව වැඩිකමටම වතුර මර යට බොහෝ වේලාවක් හිටගෙන සිටිෂාන් අවසානයේ සීතලට වෙව්ලන බව දැනුණු නිසාම තුවාලයත් රැගෙන ඉක්මනින් පිස දාගන්නට පටන් ගත්තේය..
" මේ මහ වැස්සේ පාන්දර නෑවද චූටි පුතා....."
නාගෙන කාමරයට එන විට ඉතින් මුළු තැන් ගේ තුළින් බලාපොරොත්තු වූ හඬ ඇසුණු නිසාම සූදානම් වන්නට තව වෙලා තිබෙන නිසා සාමාන්‍ය ඇඳුමක් ඇඟලා ගත් ෂාන් මුළුතැන් ගේ තුළට ඇවිදගෙන එද්දී ඔහුගේ මව කෑ ගසන්නට පටන් ගත්තේ ශාන්ගේ හිස කෙස් පවා තවමත් හරියට වියළී නැති බව දුටු නිසාය...
" කලින් ඇහැරුනා මමා....කෝපි එකක් බොමු......"
මුළුතැන් ගේ තුළ ඇති අසුනකින් වාඩි වෙන ගමන් ශාන් එලෙසින් කියද්දීත් ඉතින් ඇය වතුර උණු වෙන්නට තබා අවසන්ය...
" පපා ඊයේ හවසත් කිව්වා මෙහේ ඉඳන් ෂැන්හයිවලට වඩා එයා ඉන්න තැන ඉඳන් ළඟ නිසා ලබන සතියේ ඔයාව බලන්න එන්නම් කියලා..."
" මටත් කිව්වා......"
මව හදා දුන් කෝපි කෝපය අතට ගන්නා ගමන් එලෙසින් පැවසූ ශාන් ඉක්මනින් කෝපි කෝපය තුළ ගානට පටන් ගත්තේ ඇත්තෙන්ම දැනෙන සීතල දුරු කරගන්නට හිතාගෙනයි....
ශාන්ගේ පියා කෘෂිකාර්මික නිලධාරියෙකි...දැන් වසර හතරක පටන් ඔහු නින්ග්බු වල සේවය කරන්නේ අත්‍යාවශ්‍ය මාරුවීමක් නිසාය... ශාන්ගේ මව ගෘහනියකි... ශාන්ට වැඩිමල් සහෝදරිය ඉපදෙන්නට පෙර ඇය පෙර පාසල් ගුරුවරියක් ලෙසින් සේවය කළත් උපතින්ම පෙනහලු ආසාදනයක් ඇති දියණිය නිසාම ඇය රැකියාව අතහැරියේය ..මහා ලොකු අගහිඟකම් නැතත් ශාන්ලා මහා ලොකු පෝසතුන්ද නොවේ.... ඇත්තෙන්ම කියනවා නම් ඉතින් පියාගේ වැටුපෙන් පමණක් ජීවත් වන්නට අපහසු නිසා උසස් පාසලට යන අතරමගදී පවා ශාන් සවස් වරුවෙහි යම් යම් රැකියාවල නිරත වී තිබුණි...කොලේජ් එකේදීත් ඉතින් එය එසේම වූ අතර අද මේ ගමන යන මොහොත වන තුරුත් ඔහු රැකියාවක් සිදු කළේය...
" ඊයෙ කොල්ලො ටික මොකද කිව්වේ පුතේ..."
විනාඩි කිහිපයක නිහැඩියාවකට පසුව ශාන්ගේ මව යළිත් හඬ අවදි කළේය...
YOU ARE READING
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
01.. පළවෙනි ඉලක්කය...🏹
Start from the beginning
