01.. පළවෙනි ඉලක්කය...🏹

Start from the beginning
                                        

රාත්‍රී දහයට පමණ නිදාගන්නට ඇඳට පැමිණි ශාන් හට මේ වනතුරුත් දෙනෙත් පියවුනේ නම් නැත..කල්පනා කරන්නට බොහෝ දේවල් ඉතිරි වී තිබුණත් ඉතින් ඔහුටත් අවශ්‍ය වන්නේ කෙටි නින්දක් හෝ ලබා ගැනීමටයි...ඉදහිට වර්ෂාව ලැබෙන  Wuyuan ( වූයුවෑන්) අහස අද නම් සවස පටන් කඳුළු හලන්නට පටන් පටන් ගෙන ඇත...

තවත් ඇඳට වී කල්පනා ලෝකයේ ගිලී ඉන්නට හිතක් නොතිබුණු ශාන් ඇදෙන් බැස ඔහුගේ කාමරයේ කවුළුව විවෘත කළේය..

" අප්පා වැස්ස....."

මහ හඬින් වැටෙන වැස්ස දුටු ශාන් කිව්වා නොව ඔහුගේ මුවින් එයය කියැවුණි... අඩුම තරමේ මිදුලේ දල්වා තිබෙන විදුලි බුබුලවත් නොපෙනෙන තරමට වැහි පොද වේගවත් මෙන්ම එක ලඟ ලඟ වැටෙන්නේය....

වැස්සේ වේගය නිසාම ජනේලයෙන් කාමරයට හිරි පොද වැටෙන්නට පටන් ගත් අතර ශාන් කවුලුව වසා දැමුවේය..

" පාන්දර හතර පහ වෙනකල් මෙහෙම වැස්සොත් තෙමීගෙන තමයි බස් හෝල්ට් එකට යන්න වෙන්නේ...."

කෝකටත් කියා කාමරයේ එක් පසෙක එල්ලා තිබෙන ලොකු කුඩය දෙසත් බැලූ ශාන් යළිත් ඔරලෝසුවේ වෙලාව බැලුවේය..

" කමක් නෑ සුබ ගමනක් යන හින්දා වැස්ස කියලා බලන්නේ නැතුව නා ගන්නවා....පැය හය හතක් යන්න තියෙන හින්දා නෑවහම  බස් එකේදි වත් නින්ද යයි නේ....මමා කොහොමත් තුනහමාරට නැඟිටිනවා කිව්වනේ......"

මේ වන විට වේලාව තුනට ආසන්න වී තිබුණු නිසා එලෙසින් කල්පනා කළ ඔහු ටවල් එකත් රැගෙන නානකාමරයට ගියේය...

නාන්නට ගියත් ඉතින් හිතට මැවෙන චිත්ත රූපවල අවසානයක් ඇත්තේ නැත... තමන්ට නතර වෙන්නට සිදුවන්නේ කොයි වැනි ස්ථානයකද, වැඩ කරන්නට සිදුවන්නේ කුමන ආකාරයේ මිනිසුන් සමගද කියා කියන්නට අවබෝධයක් නැති නිසාම ෂාන් ඒ පිළිබඳව නොයෙක් ආකාරයේ චිත්තරූප මවාගන්නට උත්සාහ කරන්නේය...

එදා ආපු සර් නම් හොඳ ගුණගරුක මනුස්සයෙක් වගේ... අනෙක ඉතින් මගේ කොලිෆිකේෂන්ස් දැකලනේ ඒ මනුස්සයා මට ආරාධනා කරේ.... පුළුවන් උපරිමය කරනවා.... කවද හරි තරුවක් වෙන එක මගෙ හීනයක්...කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන්ම මං වගේ මධ්‍යම පංතියේේ කොල්ලෙක්ට මේ වගේ චාන්ස් එකක් හම්බවෙයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ....මමා කියනවා වගේ ඉතින් ඒක මගේ වාසනාවද කියන්න මම දන්නේ නෑ...හ්ම්ම්ම්...සීතලයි යකෝ.........

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Where stories live. Discover now