CHAPTER 22 🌱

1.2K 126 46
                                    

කාලේ හීයක වේගෙන් යද්දි මාත් ඒ තරමටම බිසී වුනා.. මොකද අපේ දගමල්ල එයාගේ යාලුවා බනී එක්ක උදේ නැගිටපු වෙලේ ඉදන් මුළු ගේම අනිත් පැත්ත හරවන නිසා.. දෙන්න එක්ක නැගිටපු වෙලේ ඉදන්ම එකටමයි.. මම පුතාට කවද්දි බනීත් එතනටම වෙලා කනවා.. පුතාව වොශ් කරන්න බාත්ටබ් එකට දැම්මොත් බනිත් ඒකටම පනිනවා.. ඉතින් එක සැරේ ලමයි දෙන්නෙක් බලාගන්නවා වගේ යුද්දයක් මේ ටිකටම තිබ්බේ..

අපේ වෙඩින්ග් එක ඉවර වෙලා දැනට මාස දෙකක් වෙද්දි හසී සසින් එක්ක එයාගේ බිස්නස් තවත් දියුණු කරන් තිබ්බා.. ඇත්තටම හසීට සසින් ඉන්න එක හැමදාම වගේ වචනෙන් කියන්න බැරි තරම් හයියක් වුනා.. සසින් මොන වැඩේ තිබ්බත් හසී එක්ක හැමදාම ඇවිත් පුතාවයි මාවයි පුතාගේ යාලුවා බනීවයි බලලාමයි යන්නේ.. ඒක එයාගේ පුරුද්දක් වෙලා දැන්..

" අම්මී.. මාමී ආවා.. "

එලියේ බලු නට්ට එක්ක සෙල්ලම් කර කර හිටපු කොල්ලා ලොකු චොකෝ කුකීස් පැකට් එකක් අරන් දුවන් ආවේ මම පොඩ්ඩගේ ඇදුම් නවද්දි.. කොල්ලගේ පස්සෙන් බල්ලත් දුවන් එද්දි ඒක දකිද්දි මට හිනා යන්නත් ආවා.. මුන් දෙන්නගේ කෝලම් නිසා තමා පාලුවක් නැතුව දවල් කාලේ මට ඉන්න පුලුවන්..

" ඕයි මොකෝ බන් එක පාරට කෝල් කරේ.. ශෙහාන්ටත් කියන්න එපා කියලා තෝ මට කතා කරේ අනියම් සම්බන්දයක් තියාගන්නද "

" අනේ මේ හු#ත මගෙන් මොකුත් අහගන්න එපා.. ලමයා ඉන්න නිසා කියන්නේ නෑ මන්.. "

" හරි හරි ජෝක් නෙවෙයි මොකෝ සීන් එක.. මම මේ හෙට වැඩේට ඩෙකෝස් වල වැඩේ බලන්න යන ගමන් ආවේ.. "

" මේ මට හොස්පිට්ල් යන්න ඕනි බන්.. මට හසී එක්ක යන්න කලින් ගිහින් බලන්න ඕනි.."

" ඇයි බන් උබට අසනීපද.. අනේ කොල්ලෝ යමු බලන් ඉන්නේ නැතුව.. "

" ඔව් යමු.. පුතාව වොශ් කරන් එන්නම් ඉදපන්කෝ ඔහොම.. "

මේ දවස් ටිකේම මගේ ඇගට පුදුමාකාර තෙහෙට්ටුවක් දැනෙද්දි උදේ ඉදන් කලන්තයක් දැනෙන්න ගත්තු නිසා මම සසින්ට කතා කරා හොස්පිට්ල් යන්න.. හසීට අද ගොඩක් ඉම්පෝර්ටන්ට් මීටින්ග් එකක් මොකද මම කිව්වා හෙට එයාට නිවාඩුවක් දාලා මාත් එක්ක ඇවිදින්න යමු කියලා.. හෙට එයාගේ බර්ත්ඩේ එක නිසා.. ඉතින් හෙට තියෙන වැඩත් එයා අද කරන නිසා මම සසින්ව තමා වැඩේට අල්ලගත්තේ.. සසිනුත් අද ෆුල් බිසී දවසක් මොකද හෙට හසීට දෙන සප්‍රයිස් පාටි එක ඕගනයිස් කරන්නෙත් සසින් නිසා.. ඒත් මේ වැඩ අස්සේ ඇත්තටම මට හසීව එක්කන් යන්න අමාරු නිසයි මගේ හෙල්ත් කන්ඩිශන් එකේ අවුලක්නම් හසීගේ බර්ත්ඩේ පාටි එකවත් අපිට එන්ජෝයි කරගන්න බැරි වෙයි කියලා හිතලයි මම සසින්ව කතා කරගත්තේ..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now