Chapter 02

4 0 0
                                    

කම්මුල්‌ දිගේ බේරුන උනුහුම්‌ කදුලක්‌ කන්නාඩි මේසෙ උඩින්‌ තියන්‌ හිටපු මගෙ අත උඩට වැටුන නිසා මන්‌ ආපහු වර්තමාන සිහියට ආවා.

"ඔයා හරි ඔම්මා.. මන්‌ එදා ඔයා කියපු නිසා ඒ දේවල්‌ අහන්‌ හිටියට මන්‌ අද ඒ දේවල්‌ අකුරක්‌ නෑර අත්‌ විදිනවා... මට දැන්‌ තේරෙනවා ඔයා එදා කියපු , නොකියා කියපු දේවල්‌ හැමදෙයක්ම... එදා වගේ අදත්‌ ඔයා මගෙ ලගින්‌ හිටියා නම්‌...."






📱🔔..................

" මේ වෙලාවෙ කව්ද ? "

මන්‌ මටම කියා ගත්තෙ මේ වගේ වෙලාවක මට කෝල්‌ එකක්‌ ගන්න තරම්‌ කෙනෙක්‌ හිටපු නැති නිසා. ඒත්‌ එක්කෙනෙක්‌ ඉන්නවා. ඔව්‌ ඒ එයා වෙන්න ඇති.

කම්මුල්‌ දිගේ පෙරපු කදුලු මාත්තු කරන ගමන්‌ මන්‌ ඇද උඩ තිබුන රින්ග්‌ වෙන මගෙ ෆෝන්‌ එක අතට ගත්තා.

" YoohiYaa 👭 "

මන්‌ හිතුවා භරි. මෙහෙම හරි මාව මතක්‌ වෙන්නෙ එයාට විතරයි. " යූහි " එයාගෙ නම. ඉස්කෝලෙ කාලෙ ඉදන්‌ මාත්‌ එක්ක දුක සතුට බෙදා ගත්ත මගෙ යාලුවා. හොදම යාලුවා.. මන්‌ දන්නවා ඇයි එයා මේ වෙලාවෙ කතා කරන්නෙ කියලා.

තවත්‌ තප්පරයක්වත්‌ පරක්කු වෙන්න නොදී මන්‌ කෝල්‌ එක answer කරා.

"Kiya... ඔයාට ප්‍රශ්නයක්‌ නෑ නේද ? "

මන්‌ බලාපොරොත්තු උන ප්‍රශ්නෙම එයා මගෙන්‌ ඇහුවා. මොකද මන්‌ ගැන එයත්‌ එයා ගැන මමත්‌ හොදාකාරවම දැනන්‌ හිටියා.

" ප්‍රශ්නයක්‌ උනේ නම්‌ නෑ yoohi. ඒත්‌ මගෙ හිතට පොඩ්ඩක්වත්‌ සැනසීමක්‌ දැනෙන්නෙ නෑ. "

" අහන්නකො Kiya.. අපි හම්බෙමු. හෙට උදේම කොෆි ශොප්‌ එකට එන්න. අපි හම්බෙලා කතා කරමු. ඔය අහක යන දේවල්‌ ගැන නම්‌ හිතන්නවත්‌ එපා. විකාර තීරන ගන්නත්‌ එපා. ඕනිම දේකට මන්‌ ඉන්නවනෙ ඔයාට. හිත නිදහස්‌ වෙනකන්‌ හිතේ තියන දේවල්‌ මට කියන්න. තේරුනා නේද???????"

"ම්ම්ම්‌ මට තේරුනා. ඒත්‌ ඇයි මටම... ?
"

"ශ්ශ්ශ්ශ් දැන්‌ ඔය කිසි දෙයක්‌ හිතන්න එපා. හොද කෙල්ල වගේ කෑම කාලා නිදා ගන්න. ඊට පස්සෙ අපි උදේම හම්බෙනවනෙ. ම්ම්‌. "

You've reached the end of published parts.

⏰ Last updated: May 22 ⏰

Add this story to your Library to get notified about new parts!

The Possessive Girlfriend 🌼🧡 (Onhold)Where stories live. Discover now