Chapter 01

18 2 1
                                    

හැමෝම කියනවා...

"අද නම්‌ ඔයා ගොඩක්‌ ලස්සනයි... බලන්‌ ඉන්නත්‌ ආස හිතෙනවා.. "

ඒත්‌ මට නම්‌ ඔලුවට දැනුනෙ පුදුම වේදනාවක්‌. ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස අද වගේ දවසක්ලු. එයාලා ගොඩක්‌ සතුටු වෙන්නෙ අද දවසෙලු. ඒත්‌ මට දැනුනෙ මාව හිර කූඩුවක හිර කරන්න යනවා වගේ හැඟීමක්‌. අඳින්‌ පස්සෙ මට කිසි නිදහසක්‌ නෑ. වෙන මනුස්සයෙක්ට ඕනි විදිහට මට ජීවත්‌ වෙන්න වෙන්නෙ අද ඉදන්‌. කවදා වෙයි කියල හිතපු දේවල්ද මේවා. මට නම්‌ එහෙම ජීවත්‌ වෙන්න ඕනිම නෑ. ඇයි මගෙ ඔලුවට මහා බරක්‌ දැනෙන්නෙ.

අද මගේ wedding එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අද මගේ wedding එක. මගේ අකමැත්තෙන්‌ වෙන මගේ wedding එක. church එකේ benches හැම එකකම මිනිස්සු පිරිලා. මගේ තිබුන දුප්පත්‌ කම නිසා අප්පා කිව්වෙ නම්‌ පොඩියට wedding එක කරමු කියලා. ඒත්‌ සල්ලිකාර මිනිස්සු දුප්පත්‌ අපිට හැරෙන්නවත්‌ බෑනෙ. සල්ලි බලයට මගේ ජීවිතේ විකුනන්න වෙලා. hall එකේ හිටපු මිනිස්සු හැමෝම ඉස්සරහ මට එයාගෙ wife විදිහටත්‌ එයා මගේ husband විදිහටත්‌ දිවුරුම්‌ දෙන්න උනා.

මම Kiya. තවම අවුරුදු 21යි. University එකේ ඉගන ගන්න ගමන්‌ ඉන්නෙ. ඒත්‌ අප්පා වැඩ කරන තැන ඇති උන ප්‍රශ්නයක්‌ නිසා මට ඒ company එකේ owner ගෙ පුතාව marry  කරන්න උනා. මහ එපා කරපු මනුස්සයෙක්‌. මන්‌ දන්නවා අදින්‌ පස්සෙ මට ජීවත්‌ වෙන්න වෙන්නෙ වහලෙක්‌ වගේ.

wedding එකේ වැඩ සේරම ඉවර වෙලා හැමෝම church එකෙන්‌ එලියට ආවෙ මමයි මගෙ නීත්‍යානුකූල සැමියයි පිටි පස්සෙන්‌. හැමෝම සතුටින්‌. ඒත්‌ දෙන්නෙක්‌ ඇරුනම. මමයි මගෙ අප්පයි. කරන්න වෙන දෙයක්‌ නෑ මට. අප්පා පව්‌. එයා නොවිදිනා දුක්‌ විදිනවා එතන. වෙන විසඳුමක්‌ නෑ එයාව මේකෙන්‌ ගලවගන්න. අද ඉදන්‌ එයා විතරක්‌ භරි සතුටින්‌ ඉදීනෙ. මෙච්චර කල්‌ එයා මගෙ සතුට වෙනුවෙන්‌ එයාගෙ සතුට කැප කරා. අද මන්‌ එයාගෙ සතුට වෙනුවෙන්‌ මගෙ සතුට කැප කරනවා.

The Possessive Girlfriend 🌼🧡 (Onhold)Where stories live. Discover now