16#

92 15 9
                                    


" සුදුමහත්තයා....ඔය ලිපේ තියන මාලුව බලන්න....අනේ මේඝ මගෙ ශර්ට් එක අයන් කරලා.....! "

" නිල් එක නේද...."

" ඕ....ඕ....ඔයාගේ බ්ලේසර් එක ඕන අද.."

හැම ගෙදරකම උදේට තියෙන යුද්ධෙ අපේ ගෙදර කියලත් වෙනසක් නෑ....අද හැබැයි යුද්ධෙ ඩබල් වෙලා....තාත්තා වයින් කරලා ගේ පුරා දුවනවා.... උයනවා...ගෙනියන ෆයිල් හදනවා... ආයෙ ඇඳුම් හොයනවා....අද තාත්තාත් අප්පච්චි එක්කම කොළඹ යනවා...එයාට මොකද්ද ජාත්‍යන්තර පුරාවිද්‍යාව සම්මන්ත්‍රණේකට ආරාධනා කරලානෙ....ඊයෙ මහ රෑ වෙනකම් තාත්තා අප්පච්චිත් එක්ක ඒකට ස්පීච් එකකුත් පුරුදු වුණා...

මන් ප්‍රැක්ටිස් වලට අදින බොටමයි ටී එකයි ඇදලා කිචන් කවුන්ටරේට උඩ ඉදගෙන ගෑස් එකේ තිබ්බ මාලුව හැදි ගාන්න ගත්තා. ඒ අස්සෙ උදේම කාශ්‍යප අයියාගෙන් ඇවිත් තිබ්බ මැසේජ් එකත් බැලුවා...

" don't be late, sudu mahaththaya...."

මුගේ...............ආච්චිට.......ගිහින් හාල් ටිකක් ගරලා දෙන්න හිතෙනවා මට උදේ පාන්දරම.......මන් මාලුව හැදිගාන එක පැත්තකින් තියලා ඒකට මැසේජ් එකක් කෙටුවා....

" අනේ මේ උගුඩුවෝ...උදේම අහගන්න එපා...."

මන් යවපු මැසේජ් එක සීන් කරපු කාශ්‍යප අයියා අනිත් අතට මට නක්කලේට බලන් ඉන්න පූසෙක්ගෙ ස්ටිකරයක් එවලා ඔෆ්ලයින් ගියා. ගෝතයා....ඕකාගෙ හොනට් එක ඇරෙන්න මට ඕකාව පේන්න බෑ....
එක්කො මගෙ දයාබර මස්සිනාට කියන්න ඕන හොනට් එකකුත් ඇරගන්න කියලා... එතකොට මටත් ඒක සුහද මාරු ක්‍රමයට ඉල්ලගන්න පුලුවන්නෙ.

හොනට් කිව්වහම මතක් වුණේ ඊයේ ආපු ඒම....මාත් මූණ නරක් කරගෙන හිටියට හොනට් එකක ගිය ෆස්ට් ටයිම්....
කලර් ලයිට් එකේ කොල පාට පත්තු වුණා විතරයි කාශ්‍යප අයියට අස්ස කුලප්පුව ගහලා වගේ ඇක්සලේටර් කරපු කිරිල්ලට මට ඉබේටම ලගේජ් එක අතඇරිලා අයියාගෙ ජැකට් එකෙන් අල්ලගත්තා....
මූට ලයිසන් තියනවද දන්නෙත් නෑ වාහන අස්සෙන් දාලා යන යැවිල්ලට කොයි වෙලේ පොලිසියෙන් අල්ලයිද කියලත් බයයි...හැබැයි....බයික් එක නම් ආයෙ නෑ සුපිරි භාණ්ඩෙ....
දැන්ම අරපිරිමැස්මෙන් පොකට් මනි ඉතුරු කරගත්තොත් ගේමක් ගහලා හොනට් එකක් ගන්න පුළුවන් වෙයි....
ම්ම්.....ම්ම්......එතකොට අර උගුඩුවගෙ එකට කෙල හදන්න ඕන නෑනෙ...මන් කිව්වෙ බයික් එකට.

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now