8#

164 28 6
                                    

සඳුදා කාලසටහනේ උදේම ඉකෝන් පීරියඩ් දෙකක් දාලා....වෙනදා නිදිමතේ වැනුනට අදනම් මට පාඩමේ ඉන්නවත් සිහියක් නෑ අර ගොබ්බ උගුඩුවා හින්දා....
මරාගෙන මැරෙන්න තරම් කේන්තීයි....
ඇයි යකෝ මට්ටම මෙහෙම වෙන්නෙ....ට්‍රිප් එකේ නටන්න ගිහින් වුණ සීන් එක මතක් වෙද්දි මට බැට් එකෙන් ඔලුවට ගහන් මැරෙන්න හිතෙනවා....

අම්මපා අර අසහනකාරයා අද අහු වුණොත් ඕකගෙ හොම්බයි කටයි සමතලා කරලා දානවා....අපේ අක්කා පල්ලා.....

මන් කාශ්‍යප අයියට හෙණ ඉල්ල ඉල්ල පෑන හපාගෙන ඉකෝන් සර්ගෙ මූණ දිහා බලන් හිටියා....මේ මනුස්සය මොනවා කියෝනවද මන්දා....ඒකත් අපේ සර් වචනෙන් වචනෙ ඇද ඇද අමුතු ලයින් එහෙකටනෙ කියන්නෙ...

" පරිභෝජනය නිසා....අවශේෂ සමාජය කෙරෙහි.... සෘණ බාහිරතාවක් හෙවත්..... අහිතකර සෘණ පිරිවැයක් ඇතිකරන භාණ්ඩ......සමාජයට...... අහිතකර අවගුණ භාණ්ඩ.....ලෙස හැඳින්වේ....."

පෑන කේන්තියට හපලාම එකේ පස්සත් ගැලවිලා බිම වැටිලා ඉස්සරහට බිම දිගේ රෝල් වෙලා ගියා...

" වෙළඳපොල ඔස්සෙ....අවගුණ භාණ්ඩ....ඔය පෑන හපන් ඉන්න එකා...!!!!!! "

හොඳට හිටපු සර්ට එකපාරම යකා ආවේස වෙද්දි පිටිපස්සෙ එකා මගෙ පිට තරු විසි වෙන්නම කෙනිත්තුවා.....
මන් ක්ලාස් එක වටේම ඇහැ කරකෝලා බැලුවා....මේ අවස්ථාවේ කුජීත විදිහට පෑනක් හප හප ඉන්න එකම එකා මම කියලා තේරෙද්දි සර් දිග අඩිරූලෙන් මේසෙට ගහපු සද්දෙට මට එහෙම්මම පුටුවෙන් නැගිට්ටුණා...

" ස-සර්..."

" තමුසෙ දැන් පාඩමේද හිටියේ..! "

" ඔව්...ඔව් සර්.."

" කියනවා බලන්න අවගුණ භාණ්ඩ වලට උදාහරණ...."

" කාශ්‍යප....අ-...නෑ නෑ....සර්  ඔය දුම්වැටි....මත්ද්‍රව්‍ය වගේ ඒවා...."

" හ්ම්......වාඩිවෙනවා...."  සර් කණ්ණාඩි දෙකට යටින් ඔරවලා මන් දිහා බලලා වාඩිවෙන්න කියද්දි නිකිණියත් පන්තියෙ එහා කොනේ ඉදන් මට දමාගෙන රැව්වා...

තව පොඩ්ඩෙන් අර ගොන් බස්සාව අවගුණ භාණ්ඩයක් කරනවා.... කොහොමත් හැබැයි ඕකා අර කරපු කැත වැඩේට අවගුණ භාණ්ඩයක්ම තමයි....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now