12#

96 18 11
                                    

" මේඝ....!!! මොනවද කරන්නේ!!!!! "

" කෑගහන්න එපා...බබා අප්පච්චිලත් බලයි මොකද කියලා...."

තාත්තාගෙ අති උච්ච ස්වරේකට මාව උඩ ගිහින්ම ඇහැරුණා...හීනෙන් අර උගුඩු මොටා එක්ක ක්‍රිකට් සෙල්ලම් කර කර උන්නු මන් එහෙම්මම ඇඳක් උඩට වැටුණා

අද ඉරිදාවක්නෙ ලව් බර්ඩ්ස්ලා දෙන්නම ගෙදර....අපෙ අක්කණ්ඩිත් ඇවිල්ලනෙ සති අන්තෙ.... මන් ඇඳ රෙද්ද ගුලි කරලා පැත්තකට විසි කරලා ජනේලෙන් පහළට එබුනා.....

ආ....ඩබල උදේම වැඩට බැහැලා...
අප්පච්චි කැබ් එක හෝදනවා...ඒ අස්සෙ
ආතල් එකට හෝස් බටෙන් එලියට බැහැපු තාත්තාට වතුර පාරක් අල්ලලා...
පවු මගෙ ශුදු තාත්තියා....තෙමිච්ච කුකුළා වගේ කෑගහලා අර හෝස් බටේ ඇදලා අරන් අප්පච්චිට ඇල්ලුවා....

" ඒහ්.......යුගාන්......!!! "

" ඔයා තමා මුලින්ම පටන් ගත්තේ..."

" ආ....හ් ඇති ඇති බන් නවත්තනවා නහයෙත් වතුර ගියා...."

ඒ පාර ආතල් එක ගියේ තාත්තාට.... හිනාවෙවී හෝස් එක අප්පච්චිගෙ මූණටම
අල්ලද්දි අප්පච්චි අඩියට දෙකට ඇවිත් තාත්තාව අල්ලගෙන කැබ් එකේ බොනට් එකට තියලා තද කරගෙන මූණට එබුනා...

ඌප්ස්....අනවශ්‍ය තොරතුරක්......

ජනේලෙන් එහාට වුණ මන් දත් බුරුසුවට ඇක්ටිව් චාකෝල් සාරය සපිරි සිග්නල් ටිකකුත් දාගෙන අපෙ අක්කණ්ඩිය බලන්න උඩු මහල් තලයෙන් බැහැලා ආවා....

" අවදිවන්න....අවදිවන්න...දීප්තිමත් දිනකි
උදාවෙලා තියෙන්නේ...හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නෙ......ටට්ට ටටර ටා............
අක්කණ්ඩිය.....! පශ්චාත් භාගයට හිරු රශ්මිය පතිත වන තුරු නිදා ගැනීම කුල කාන්තාවකට ඉතාමත් අශෝභනයි.....
අවදිවන්න....."

" අනේ පලයන් කේවට්ටයා....."

අක්කා කොට්ටෙට ඔබාගෙන හිටිය මූණ
මගෙ පැත්තට හරවලා එක ඇහැක් ඇරලා
බලලා ආයෙත් මුණ ඔබාගත්තා....

" බලන්න මන් උදේම ඇහැරලා....දත් මැදල..... දිව මැදලා...මුණ සෝදලා.... කබ කඩලා....ඉන්නෙ..... උදාරයි නේද....."

" යනවකෝ ගස් වැද්දෝ....!!!! "

ඊළඟ පාර අක්කාගෙ කොට්ටෙ කෙලින්ම සරල රේඛීය ගමන් පථයකින් මගෙ මූණටම ඤොහ් ගාලා වැදුණා...කටේ තිබ්බ දත් බුරුසුව උගුරෙ....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now