𝐏𝐀𝐑𝐓 48.

91 17 6
                                    

"එතකොට ඔයාගෙ රට ශ්‍රී ලංකාව.. ? " ජන්කුක් අමාරුවෙන් රටේ නම කියෙව්වා. ආකාශ් හිනාවෙලා ඔලුව වැනුවා.

ඒ රෑ වෙලාවක්. ආකාශ් ජොබ් එක කරලා ඇවිල්ලා කෙලින්ම හෙව්වෙ දිනූව. එතකොට ජිමින්ව වොශෲම් එක අස්සට යවල ජන්කුක් හිටියෙ නින්ද ගිහින් හිටිය පොඩි බබාව වඩාගෙන. ආකාශ් දිනූව දැක්ක ගමන් එයාගෙ මහන්සි පාට මූණට හිනාවක් ආරූඪ කරගෙන දිනූව අතට ගත්තා.

"තැන්ක් යූ ඔය දෙන්නා දිනූව බලාගන්නවට. ගොඩක් පින්... "

"ඕක මොකක්ද අරයා බබාලට සෑහෙන්න ආසයි. දිනූ එක්කලා ඉද්දි මම ගැනවත් ගානක් නෑ.." ජන්කුක් මූණ එල්ලන් කියද්දි ආකාශ්ට හිනා ගියා.

" ඒක නෙමෙයි. ජිමින්ට ඇවිදින්න බැරි මොනා වෙලාද?"

"ඒක ඇක්සිඩන්ට් එකක්.."

"ආහ් රයිග්ට්.. ඔයාලා යන්න ඉන්නෙ ඩොක්ටර් ශ්‍රිවාස්තව් ගාවටද?"

"ඔව්.. කොහොමද දන්නෙ?"

"මින්ජිගෙ අප්පා කිව්වෙ.. ඇරත් මෙහෙ හොඳම කෙනෙක්ට ඉන්නෙ එයා තමා. මගෙ කසින් කෙනෙකුත් හොඳ වුනා එයාගෙන් ට්‍රීට්මන්ට් අරන්.. ඩොක්ටර් ශ්‍රිවාස්තව්ත් ලන්කන්.."

" ආහ් මම ඒත් හිතුවා කියවගන්න බැරි නමක් තියෙද්දි.." ජන්කුක් ඔලුව කස කස කිව්වා.
ආකාශ් හිනාවුනා.

"ඒ නම ටිකක් ඉන්දියන් වගේ. කොහොමවුනත් එයා ටැමිල්.. මම එකපාරක් හම්බවෙලා තියෙනව.."

ජන්කුක් ආකාශ් දෙන්නා අව්ක්වාඩ් ගතියෙන් වුනත් ගොඩ වෙලාවක් කතා කළා. ජන්කුක්ට ආකාශ් නිවුන ගතියෙන් කතා කරද්දියි එයාගෙ රට ගැන විස්තර කියද්දියි ගොඩක් ආස හිතුනා. ඒ වගේම ජන්කුක්ගෙ ජිමින්ගෙ ආදර කතාව එහෙන් මෙහෙන් අහගත්ත ආකාශ් හැමවෙලේම කතා කළේ ජන්කුක්ගෙ හිත හැදෙන්න.. ජන්කුක්ට වඩා අවුරුදු තුන හතරකින් වැඩිමල් නිසාම නැතත් ආකාශ්ට හරිම අමුතු පරිණතභාවයක් තියෙන බව ජන්කුක්ට තේරුනා.
ඒ කතාවෙන් පස්සෙ ජිමින්ට හොඳ වෙන එක ගැන ජන්කුක්ගෙ හිතේ විශ්වාසෙ තවත් වැඩි වුනා.

ජන්කුක් ආකාශ්ට සමුදීලා කාමරේට එද්දිත් ජිමින් තුවාය පටලගෙන වතුර බේරි බේරි රෝද පුටුවෙ ඉන්නව දැකල ජන්කුක් ජිමින් ළඟට දුවල ගිහින් ජිමින්ව වඩාගෙන එතන පොඩි මේසෙ ළඟ පුටුවෙන් ඉන්දෙව්වා.

Bad & Rude | JikookWhere stories live. Discover now