𝐏𝐀𝐑𝐓 36.

261 53 11
                                    

පාක් මහත්තයා දවස් දෙකක් ජිමින්ව රෝහලේ තිබ්බෙ වැඩි හොදට. එයා විවේක ගත්ත තරමට වගේම ජන්කුක් එයා ළග ඉන්න තරමට ජිමින්ගෙ හොදක් පෙනුනා.

ඒ දවස් දෙකේවත් දෝමින් ජන්කුක්ගෙ මූණක්වත් බැලුවෙ නෑ.

"ජන්කුක් මේක ටිකක් අල්ලගන්නකො.." ජිමින් කිව්වෙ එයාගෙ ඇදුම් තොගයක් ජන්කුක්ට දික්කරල. ජන්කුක්ට එපා වෙලයි තිබ්බෙ ජිමින් එයාගෙ ඇදුම් තොගේ අස් කරන්න ගත්ත වෙලේ ඉදන්. එයාගෙ මූණ නිකම් දැන් කජු ලෙල්ලක් වගේ. එයා පාක් මහත්තයගෙ එරවිලි ගෙරවිලි මැද්දෙ එයාලගෙ බඩු අස් කරන්නත් උදව් කරල ජිමින්ගෙන් කිස් එකක් ඉල්ලගන්න දුවන් එද්දි ජිමින් එයාගෙ යස අගේට තිබ්බ ඇදුම් ඔක්කොම ඇදලා ආයෙ නමන්න අරන් තිබ්බා.

දැන් ජිමින් පැය භාගයක් තිස්සෙ එයාගෙ ඇදුම් නවනව. යටට අදින චූටි එව්ව වෙන්කරල. ශර්ට් ටීශර්ට් වෙන් කරල එක ඇදුමක් එයා නවන්න සෑහෙන වෙලාවක් ගත්තා. ජන්කුක් ඒ ගැන ඇහුවම එයා කිව්වෙ හිත සන්සුන් කරගන්න එහෙම කරනවයි කියල. ජිමින්ගෙ හිත ඒකෙන් සන් සුන් වුනත් ජිමින් එයාගෙ කොට ඇගිලිවලින් හිමින් සැරේ අර රෙදි ලතාවට නවද්දි නම් ජන්කුක් සෑහෙන්න නොසන්සුන් වෙලා හිටියෙ.

ජිමින් ජන්කුක්ගෙ මූණ දැකලා එයාටත් රෙදි ටිකක් දුන්න නවන්න කියල. ජන්කුක් රෙද්දක් අරගෙන දෙකට නවල රෝල් කලා. අනික්වත් එහෙම කලා. එයාට ඒ ගොඩ නවන්න ගියෙ ජිමින් ඇදුම් පහක් විතර නවන්න යන වෙලාව විතරයි.

ජන්කුක් ජිමින් දිහා එක එල්ලෙ බලාගෙන කම්මුල් පුම්බන් හිටියා.

ජිමින් මුලින්ම දැක්කෙ අර රෝල් කරපු රෙදි ගොඩ. ඊට පස්සෙ ජන්කුක්ගෙ කජු ලෙල්ල වගේ මූණ.

"ජ-න්කුක්.. මොකද මේ.."

ජන්කුක්ට තරහ ගිහිම් තිබ්බත් ජිමින්ටනම් ඒක පෙනුනෙ හුරතල් විදිහට.

ජිමින් හිනාව නවත්තගන්න තොල හපන ගමන් ජන්කුක් ලගට ආවා. ජන්කුක් ඉදන් හිටියෙ එයාගෙ කකුල් අකුලන් චූටි ගෑනු ලමයෙක් වගේ.

"ජන්කුකී.."

"මොකද?"

"කිස් එකක් දෙන්නද මැණිකට.."
අන්න එහෙම අහද්දි නම් ජන්කුක්ගෙ ඇස් දිලිසුනා. එයාටම තේරිලයි තිබ්බෙ එයා හුරතල් වෙන ගමන් ඉන්නෙ කියල. ජිමින් එයාට ඒ වගේ පැණි බේරෙන විදිහට කතා කරද්දි ජන්කුක්ට පුදුම සතුටක් දැනුනෙ. ඉතින් එයා තවත් හුරතල් විදිහට මූණ හදාගත්ත.

Bad & Rude | JikookWhere stories live. Discover now