දෙවන ගෙතුම 💫

59 10 3
                                    

'මිස්ටර් කෙන්ඩ්‍රික්...එන්න වාඩිවෙන්න....'

'It's okay Mr.Hopkins...'

'ම්ම්..මන් ඔබතුමාට එන්න කිව්වේ වැදගත් වැඩක් ගැන කතා කරන්න...ඔබ දන්නවද ගැස්ටන් ෆ්‍රේසියර් ගැන?'

ඒ නම ඇසුණු සැනින් ලොරෙන්සෝ ගල් වෙලා වගේ විනාඩි කිහිපයක් බලන් හිටියා....කොච්චර කාලයක් ගත උනත් ඒ තුවාලේ කවදාවත් සුව උනේ නැහැ කියන එක ලොරෙන්සෝත් හොදටම දැනන් හිටියා...ආයි කවදාවත් අහන්න ලැබෙයි කියලා නොහිතපු නමක් නොහිතපු මොහොතක අහන්න ලැබෙද්දී ලොරෙන්සෝ හිටියේ මුකුත් හිතාගන්න බැරුව....

'ලෝරන්ස් ගැස්ටන්...'

'කෙන්ඩ්‍රික් එයාව දන්නවද?'

'අහලා තියෙනවා සර්..ඉතින් මොකක්ද වෙලා තියෙන්නේ..?'

හිතේ ඇති උනු ගැස්ම පාලනය කරගෙන ලොරෙන්සෝ මිස්ටර් හොප්කින්ස් දිහා බැලුවා...

'මොනවත් වෙලා නම් නැහැ...මිස්ටර් ගැස්ටන්ට ඕන වෙලා තියෙනවා අපේ ලැබ් එකෙන් පොඩි දෙයක්...'

'මොකක්ද...?'

'ඒක බාරව හිටියේ කෙන්ඩ්‍රික් නිසයි මම කෙන්ඩ්‍රික්ට කතා කරේ...අර Truth Spill antidote එක එයාලා ඉල්ලලා තියෙනවා...මේ තියෙන්නේ එයා ඉල්ලපු ප්‍රමාණ...ඔයා පොඩ්ඩක් ඒක බලලා මිස්ටර් ගැස්ටන්ගේ හවුස් එකට යවන්න...address එක ඕකේ ඇති...ඕකේ?'

'ඕකේ සර්...ෂැල් අයි ලීව්?'

'ඕකේ කෙන්ඩ්‍රික්'

තමන්ගේ අතට ලැබුණු කොලෙත් අරගෙන ලොරෙන්සෝ ගියේ ගැස්ටන් ඉල්ලලා තියෙන දේ හොයාගෙන...ඒක පරිස්සමට බොක්ස් එකක දාලා ලොරෙන්සෝ බොක්ස් එකේ පැත්තකින් තමන්ගේ නම ලිව්වේ ඒක බාරව ඉන්නේ ඔහු නිසා...ඒක ඩිලිවරි බාර දුන්නට පස්සේ ලොරෙන්සෝ ආයි ගියේ තමන් වැඩ කරපු රූම් එකට...ඒකේ එක කොටසක් ලොරෙන්සෝටම වෙන් වෙලා තියෙද්දී ඒ පැත්තට එන්න කවුරුත් නිර්භීත උනේ නැත්තේ ලොරෙන්සෝගේ වැඩ ගැන තිබ්බ සාදාරණ බය නිසා...කොයි වෙලේ පරීක්ෂණ නලයක් පුපුරලා යයිද...කොයි වෙලේ ගින්නක් මතු වෙයිද කියන එක ගැන හැමෝටම සාධාරණ සැකයක් තිබුණා....

ලොරෙන්සෝ ආවත් හරි හැමෝම හැරිලා බැලුවේ මේ මිනිහා ආයි මොකට ආවද අහන්න වගේ උනත් ලොරෙන්සෝ මේ එකෙක්වත් ගනන් නොගෙන තමන්ගේ වැඩ වලට විතරක් අවධානය යොමු කරා...

His Puppet (ZhanYi Nonfiction Sinhala)حيث تعيش القصص. اكتشف الآن