(Its bonus time.......)
විකියාගේ මූන සමතලා කරලා මම බයික් එකෙ නැගලා හොස්පිටල් එකට ආවේ කොහොමද කියලාවත් මට මතක නැහැ..මන් හොස්පිටල් එකට එද්දි දුසේ අංකල්ගේ පර්සනල් බොඩිගාඩ් එක්ක එයාගෙ තව කට්ටිය තැන් තැන්වල මුලු ගැහිලා උන්නා..
ඌ කාර් එකට බෝම්බයක් තියලා..විකී..උබ කරේ තිරිසන් වැඩක්..දුසා අංකල් එක්ක තිබුන තරහට එයාගෙ අම්මා පලි නැහැ...ඒක ඇහුන වෙලේ ඉදන් මාව වෙව්ලනවා..එ ඉන්නෙ දුසා අංකල්ගේ විතරක් නෙමෙ මගෙත් අම්මානේ...
බයික් එකත් පෙරලගෙන මම ඇතුලට දුවන් යද්දි දුසා අංකල්ගෙ බොඩි ගාඩ් ඇවිත් මාව අල්ලලා නතර කරා..මගෙ පපුව ගැලවිලා වැටෙන්න වගේ රිදුම් දෙනවා...
එයා ඇත්තටම ගිහින්ද..දුසාවයි මාවයි දාලා යන්නම ගිහින්ද..එපා..අනේ එහෙම වෙන්න එපා..මේක බොරුවක්..එයාට එහෙම යන්න බෑ..එයා ගියොත් දුසා අංකල් තනිවෙනවා...නැ නෑ..ඔයාට යන්න බෑ...අරූ කිව්වා දුසා අංකල් උගෙ එකෙක්ට අත තියපු නිසා ඌ මෙහෙම කරා කියලා....අනේ එතකොට උගේ එකාට අත තිබ්බෙ මමනෙ..මම නිසාද...මගේ ඉවසීම නැතිකම නිසාද ඔයාට මෙහෙම වුනේ...
අනේ අම්මේ.............
"අංකල්..අම්මි..එයා..කො..කො එයා..අනේ එයා හොදින් නේද..අංකල් මට ඇතුලට යන්න දෙන්න.."
බොඩිගාඩ්ගේ ඇගේ එල්ලිගෙන මන් එහෙම අහද්දි එයා මන් කලබලවෙයි කියලා හිතුන නිසාද මන්දා මාව හයියෙන් අල්ලගෙන ඉන්නවා...නෑ එක්කො මට කෙලින් හිටගන්නවත් පණක් නැති නිසා එයා මාව අල්ලගෙන ඉන්නෙ...
නැ නැ..එහෙම වෙන්න බෑ..ඇයි බොඩිගාඩ් අංකල් මුකුත් කියන්නැත්තේ..එයා යන්න ගියෙ නෑ කියන්න...මෙ දවස් දෙකට එයා මාව අම්මෙක් වගේ බලාගත්තානෙ..අනෙ මම අම්මා කියලා කිව්වෙ එයාටනෙ...කවුරු හරි කියන්නකෝ එයා යන්න ගියේ නෑ කියලා..අනේ එයා ගියේ නෑනේද...
"අංකල් එයා හොදින් නේද...අනෙ කියපන්කෝ..."
" සමාවෙන්න පොඩි බොස්..මැඩම් අපිව දාලා ගියා..."
"සමාව ඉල්ලලා හරිද මිනිහෝ..නෑ උබට සමාවක් නෑ..එයා කොහොමද යන්නේ..එයාට යන්න බැ..උබලා කියන්නෙ බොරු..කෝ දුසේ අංකල්..කෝ එයා..මට එයාගෙන්ම අහලා දැනගන්න ඕනි..කො එයා..කොහෙද රාහුල් දුෂ්මන්ත..."