කො එයා..දුසේ අංකල් ඔයා මෙතන ඉන්නම ඕනි කොහෙද තමුන් මකබෑවුනෙ..දුසේ මේ තමුසෙගෙ අම්මා..උන් එයාව....ෆක්...ෆක්..මන් ඌව මරනවා..........

"මාස්ටර්ව හොයන්න බැහැ බේබී..මැඩම් නැතිවුනා කියලා නිව්ස් එක හම්බුන වෙලේ ඉදන් අපිට මාස්ටර්ව කන්ටැක්ට් කරගන්න බැරිවුනා..එයා අන්තිමට ඉදියේ ඔෆිස් එකේ..."

" එයා නෑ කියලා හරියනවද යකො..එයාව හොයපන්..ඉන්න තැනකින් ඇදන් වරෙම්..එයා මෙතන ඉන්නම ඕනි...අතෑරපන් මාව.."

දුසේ අංකල් හොයන්න නැහැලූ..ඔයා කොහෙද අංකල්..ඔයා කෝ...

"පොඩි බොස්..මන් මැඩම්ගේ බොඩි එක භාරදීලා එන්නම්..බොස් පොඩ්ඩක් මාස්ටර්ව බලනවද..අපේ එකෙක් කිව්වා මාස්ටර් ඔෆිස් එකෙ ඉන්නවා කියලා.."

"අම්මිව භාර දෙන්න කාටද..එයාව ගන්න ඕනි දුසේ අංකල් නෙමෙයිද.."

"සොරි බොස් අපි ඒක දන්නෙ නෑ..මන් පිලිගන්නෙ ඉහලින් දෙන ඔර්ඩර් එක..මන් හිතන්නෙ ඒ මැඩම්ගෙ මහත්තයා..මෙතනින් එහාට මාස්ටර්ටවත් ඇගිලි ගහන්න බැහැ..."

අම්මිගෙ මහත්තයා කියන්නෙ දුසාගෙ තාත්තා..ඒ ඇමතිතුමා නේද..මේක හරිනම් ටිවි එකේ යන්න ඕන නිව්ස් එකක්..එත් අපි ඇරෙන්න කවුරුත් මේක දන්නෙ නැත්තෙ ඇයි...

බොඩිගාඩ් ඇතුලට යද්දි මම දුසා අංකල්ව හොයාගෙන යන්න බයික් එක ගාවට ආවා...

දුෂ් අම්මි යන්නම ගිහින්..එයාට එහෙම වුනේ මගේ වැරැද්දෙන්ද..විකී.... තිරිසනා...උබේ අවසානෙ වැඩි ඈතක නෙමෙයි...දවසක මගෙ අත උඩ තමුන්ගේ අන්තිම හුස්ම ටික හෙලයි...

මට මේ තරම් දුකක් දැනෙනවානම් එයා මේක කොහොම දරාගනීද..මන් දැක්කා අම්මා වෙනුවෙන් එයාගෙ හිතේ තිබුන ආදරෙ..අම්මි ආපු දවස් ටිකේ එයා වෙන්දා නැති විදිහේ සතුටකින් ඉදියා..

යකෙක් වුනත් යකාගෙ අම්මා ගාවදි ඌ මෙල්ල වෙනවා..මන් දැක්කා කේන්තියෙන් ඉන්න එයා අම්මා ගාව හරි ඉක්මනින් නිවිලා යන හැටි...

මන් පුලුවන් උපරිම වේගෙන් බයික් එක පැදගෙන ආවා..හොස්පිටල් එකටවත් එයා  ආවෙ නැත්තෙ ඇයි..
එයා මේ ප්‍රශ්නෙට කොහොම හැසිරෙයිද මන්දා....

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now