02 - පළමු පියවර

49 15 11
                                    


Bella pov

මාස දෙක තුනක් ගිහින් උනත් මං තාමත් ලියෝන් දිහා දුර ඉදන් බලාගෙන ඉන්නවා. මොකද කිසිම ආදර අත්දැකීමක් නැති මගේ ජීවිතේ නිසා මට එයා ඉස්සරහට ගියාම හරියට කතා කරගන්නවත් බැරි වෙන නිසා. දවසක් වචන පැටලි පැටලි දවසක් යාන්තමට කතා කරා. ඒකත් යුනි එකේ වැඩක් ගැන.

එයා ගොඩක් වෙලාවට කෙල්ලෝ එක්ක වැඩිය කතා කරන්නෙ නැති කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක මම එල්ලි එල්ලි කතා කරන්න ගියොත් ඒක එයාටත් වදයක් වෙයි කියල මට හිතුනා.

ඒක නිසා හොදම දේ දුරින් ඉදලා එයා දිහා බලලා සැනසෙන එක විතරයි.

අද යුනි නෑ නිවාඩු දවසක්. මං ගෙදරට වෙලා නවල් එකක් කියෝන ගමන් හිටියේ. ඒත් එක්කම මගේ ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දෙ ඇහුන නිසා මං ෆෝන් එක අතට ගත්තේ ඉබේම වගේ.

මේ කවුද මේ..!!!??? මං සේව් කරගෙන නැති නම්බර් එකක්නෙ මේක..



Hi

මොනා කරන්නද ඉතින්.. යුනි එකේ වැඩක්ද දන්නෙත් නැති නිසා මං ඒකට රිප්ලයි කලා.


Hi !
ඔයා කවුද?


මම ලියෝන්




• මොනවා!!???? මං මේ දකින්නේ සිහිනයක්ද නැත්තම් ස්වප්නයක්ද??? දෙයියනේ දෙයියනේ.... ලියෝන් මට මැසේජ් කරලා.... ලි-යෝ-න්න්න්න්!!!!!!!

මම සතුටටත් එක්ක කෑගැහුවේ මගේ රූම් මේට් වෙලා හිටපු සාරා මං දිහා කන්න වගේ බලද්දි..



" ඒ සැරේ මොකද බෙලා මේ උඩ පනින්නෙ? ආයෙමත් free data වත් හම්බුනාද?"

"අඩෝ නෑ බන්... මං කිව්වෙ අර යුනි එකේ ක්‍රශ් එක..... එයා මට මැසේ...ජ් එකා....ක් දාලා"

"Damn bitch ! එයා මොනාද කියන්නේ?? මූනෙ තියෙන පැනි හිනාව රෙකෝඩ් කරලා යවන්න හිතෙනව ඔහේගෙ"

"අනේ අනේ මේ.. පොඩ්ඩක් ඉදාම්.. ටිකක් ගනන් උස්සලා කතා කරන්නෝන හුම්ම්"



Oh Hi Leon


මට ඔයාට කියන්න දෙයක්
තියෙනවා බෙලා





"ඕහ් මයි ගෝඩ්... සාරා... එයාට මට කියන්න දෙයක් තියෙනෝලු... මේ මගෙ හාඩ් බීට් එක එලියටම ඇහෙනවා..."

"සීරියස්ලි ?? ඒ කියන්නෙ ඌත් ඔයාට කැමතී වගේ"

"මොකක්ද කියලා අහල බලමූ"




කියන්න ලියෝන්
ඔයාට මොනාද කියන්න
තියෙන්නෙ?

ආ... මේකයි


යුනි එකේ අලුත් ප්‍රොජෙක්ට් එක
ඒකට අපි දෙන්නව තමා එකට
ටීම් එකට වැටිලා තියෙන්නෙ





"වට් ද ෆක්...!??? එයා යුනි එකේ වැඩක් ගැන කිව්වේ සාරෝ..."

"අඩෝ අඩෝ.. දැන් ඉතින් ඔන්න ඕකට නිකන් රිප්ලයි කරලා දාපන් බම්ලෝ. මදැයි අපි වෙඩින් එකත් ප්ලෑන් කරලා ඉවරයි"




ආ.. එහෙමද?


හ්ම්
මං මේ ඔයාට කියන්න හැදුවෙ
හෙට අපි ඒකෙ presentation
එක හදන්න පටන් ගමු


ඔව්. හෙටම පටන් ගමු

මං ලැප් එක අරගෙන එන්නම්
ඔයාට තියෙන ටොපික් එකට
විස්තර ටික හොයාගෙන එන්න

Ok Leon
මං හොයන් එන්නම්

Ok Bye

Bye

• යකෝ.. මං බායි කියලා දාපු මැසේජ් එක සීන් කරලත් නිකන් හිටියා. අඩුම ගානේ ස්ටිකර් එකක් බැරි නම් ඒකට react එකක්වත් දාන්න තිබ්බනේ. මං නිල් හරි දෙක වැටිලා තිබ්බ මැසේජ් එක දිහා බලන් හිටියෙ අමුතු මදිපාඩු කමක් හිතට දැනෙද්දි.
ඊලගට ෆෝන් එක පැත්තකින් තියලා ප්‍රොජෙක්ට් එකට විස්තර හොයන්න ගියේ තවත් බොරුවට ෆෝන් එක දිහා බලන් හිටියට වැඩක් නැති නිසා.


















#To be continued

ලියෝන් කැමතී කියලා මැසේජ් එකක් දානකන් බලන් හිටපු අය මේ කොනට...👈

මේ වගේ සැබෑ සිදුවීමකට මුහුන දීලා තියෙන අය මේ කොනට...👈

ඒනම් අපි ඊලග චැපියෙන් හම්බෙමූ...



'ඔහුගේ ඒ සිනහව
ඒත් සමගම සිනහ වෙන දුඹුරු ඇස්
ගැඹුරු කටහඩ
ඒ දේවල් වලින් එකක් ඇති
ඒ ගැහැණු සිත සතුටින් පුරවන්න...'

- Dreaming - deminie_kim -

You've reached the end of published parts.

⏰ Last updated: May 10 ⏰

Add this story to your Library to get notified about new parts!

DREAMING [Non-fic | Boy×Girl]Where stories live. Discover now