2'nd Heart ⁠♡ 'ARTHUR'

293 68 131
                                    










'ගයස්...මට දෙයක් දැනගැනීමට අවශ්‍යයි'

'කුමක්ද?'



මර්ලින් සිටියේ ගයස් සමග ගයස්ගෙ කුටිය තුළ දිවා ආහාරය ගනිමින් ය.

ඒ අතරතුර ඔහුට යමක් ඇසීමට මතක් වුවා සේ අතේ තිබූ හැන්ද පිගාන මතින් තබා ගයස් දෙසට හැරුනේය.


'ක්‍රවුන් ප්‍රින්ස් ගැන'

'ප්‍රින්ස් ගැන කුමක්ද?'

'ප්‍රින්ස් කුමන ආකාරයේ පුද්ගලයෙක්ද? මා අසන්නේ කින් උතර් වගේ-'

'නෑ මර්ලින්...ප්‍රින්ස් ආතර් ගොඩක් කරුණාවන්ත කෙනෙක්... ඇත්තටම...කින් උතර් තරම් දරදඬු කෙනෙක් නොවේ ඔහු...දිනක ඔහු ශ්‍රේෂ්ඨ පාලකයකු වේවි නිසැකයෙන්ම!'


මර්ලින් සාවදානව ගයස් පවසන සියල්ල අසා සිටියේය.

ඇත්ත වශයෙන්ම ඔහුට වුවත් ප්‍රින්ස් ආතර් පිලිබඳ දැනගැනීමට ලැබුනේද ඔය ආකාරයේම කරුණුය.

මර්ලින්ගෙ මව පවා ප්‍රින්ස් ආතර් පිලිබඳ බොහෝ කරුණු මර්ලින් හට පවසා තිබුණි.

ඒවායෙනුත් බොහෝ දෑ ප්‍රින්ස් ආතර්ගෙ හොඳ ශ්‍රේෂ්ඨ ගතිගුණ බව මර්ලින්ට මතකය.

ඉතින් දැං ගයස් පවසන කරුණුත් සමඟ ප්‍රින්ස් ආතර් පිලිබඳ මර්ලින්ගෙ සිත තුල ගෞරවයක් පැණ නැගුනෙ ඉබේටමය.

එයට ගයස් දැන් පවසන කරුණුද හේතු විය.


'ප්‍රින්ස් ආතර් කැමලොට් ජනතාවට බොහෝ උපකාර කරනවා. ජනතාවගෙ බදු මුදල් පවා ඔහු කින් උතර් සමඟ වාද කර අඩු කලා...'

'සැබෑවටම?!'



මර්ලින් සැබෑවටම එයට වික්ෂිප්ත විය...කිමද උතර් සමග සාමයෙන් හෝ කතා කර යමක් කර ගැනීම ඉතාම අපහසු කරුණක් බව ඔහුද දැනුවත්ය...



'ඔව් මර්ලින්... දැන් ඔබ ඇයි ප්‍රින්ස් ගැන විමසින්නෙ?'

'විශේෂයක් නෑ ගයස්... කොහොමටත් මට අද සිට සේවය කරන්න සිදුවන්නේ ප්‍රින්ස් ආතර් හටනෙ'

'හ්ම්...ඔබේ වාසනාව එය... නැතිනම් ඔබට මාලිගාව තුල බර වැඩක් ලැබීමට ඉඩ තිබුනා...ඒත් මමත් වික්ෂිප්ත උන කරුණක් තිබෙනවා මර්ලින් '

CÀMELOT HEÀRT ❥ || ғᴀɴғɪᴄ || ᴍᴇʀᴛʜᴜʀ || ՏᏞϴᏔ ႮᏢᎠᎪͲᎬWhere stories live. Discover now