1'st Heart ♡ 'ARRIVAL'

460 68 94
                                    















කැමලොටයට අදත් එක් සාමාන්‍ය උදෑසනක් විය. වීදි එකක් පාහේ කැමලොට් හී ජනතාව ඔවුන්ගේ දෛනික ජීවිතය ගත කළේය.

පලතුරු, එළවලු කඩ, ඇදුම් කඩ, විච්චූරණ කඩ, මස් මාංශ කඩ ආදි විවිධ වර්ගයේ කඩවල් වලින් මුලු වීදියම පිරී තිබුණි.

කුඩා ගැටවරයන් ගැටිස්සියන් වීදි පුරා දුවමින් විනෝද විය. ඔවුන් මේ භුක්ති විදින සාමය උතර් පෙන්ඩ්‍රැගන් නිසා යැයි ඔවුහු සියලුදෙනා උතර්ට බොහෝ සෙයින් ගරු කලේය.

නමුත් උතර් පෙන්ඩ්‍රැගන් කැමලොටය වර්තමාන තත්වයට ගොඩ නැගුවේ බොහෝ දෙනාගේ මලකදන් මතිනි.ඇරත් ඔව්හු සියලු දෙනා ඉන්ද්‍රජාලික හෝ අර්ධ ඉන්ද්‍රජාලිකයන්ය.

ලොකු කුඩා, හොද නරක සියලුම ඉන්ද්‍රජාලිකයන් පාහේ උතර් අතින් විනාශ වුවත් තවමත් සැගවී සිටින කොටසක් නැතුවාම නොවේ.

ඔවුන් උතර්ගෙ බලය නිසා යටපත් ව සිටියද යම් දිනක අවස්ථාවක් ලද සැනින් ඔවුන් උතර්ගෙන් පලිගැනීමට දෙවරක් නොසිතන බව විශ්වාසය.

එයට වන්දි ගෙවන්නට වන්නේ උතර්ට පමණක් නොව ඉන්ද්‍රජාලික මලකදන් මතින් ගොඩ නැගූ කැමලොටයත් ඇතුලත්වය.

කිමද යත්, උතර්ට අමතක වූවාට ඉන්ද්‍රජාලිකයන් නොමැති ව ඔහුගේ පෙන්ඩ්‍රැගන් පෙලපත ගෙන යාමට උරුමකරුවකුද නොසිටින්නට විය.

ඉන්ද්‍රජාලිකයන්, මායාව නොමැතිව කැමලොටය හමුදාවකින් පමණක් ආරක්ෂා කළ නොහැකි බවද උතර්ට අමතක විය.

එහෙත් දෛවය....එයට අනුවයි සිදුවන්නේ සියල්ලක් ම...දෛවයට පිටුපෑම කල නොහැක්කකි...දෛවයට අභියෝග කල නොහැක...




කිමද අනාගතයේ සිදු වීමට නියමිත සියල්ල දැනටමත් දෛවයෙ ලියවී හමාරය...!


















⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️






























කැමලොට් හි මාලිගාවට ආසන්න වීදියක, බඩු පටවාගත් කරත්තයක් ගමන් කරමින් තිබුනි.

CÀMELOT HEÀRT ❥ || ғᴀɴғɪᴄ || ᴍᴇʀᴛʜᴜʀ || ՏᏞϴᏔ ႮᏢᎠᎪͲᎬWhere stories live. Discover now