- washroom එකේ ජනේලේ -

42 10 4
                                    

Asaliya's Pov.

*

*

*

*
. . . . . . . . . . . . . . . . . . . . . . . . .

කවුත දන්නේ නෑ අපර්ණා කියන්නේ........ නිකන් මහප්‍රාණ අර්තාපල් වගේ.........දැන්  මන් මෙතන වැලහින්න වගේ අතිශොක්තියෙන් අඩාගෙන ආවට........ කවුද දන්නේ ආදි ඒ වෙලාවෙ බලපු කලු සුදු ෆිල්ම් එක්ක දෙබසක්වත් කිව්වද කියලා....... එහෙමත් වෙනවනේ ........ මන් කලින් ගත්ත පොත ගත්ත තැනින්ම ආපහු  තියලා යෞව්වන සමින්ද්‍ර ගේ පොතක් හොයා ගත්තා........ සොදුරු වසන්තය...... මෙව්වනේ යකෝ පොත්..... මූඩ් ගහලා ඉන්න වෙලෙට කවදාවත් හොටු පෙරි පෙරි ඇඩෙන ලව් සීන් නම් තෝර ගන්න එපා.... වගකීමෙන් කියන්නේ...... මෙව්වගේ කොර වෙන්න හිනා යන පොතක් තෝර ගන්න අයේ ඉතින් මූඩ් ෆික්ස් කරන්න මරු .......

ඒ පොත මන් කියවල ඇති ඉහේ කෙස් ගානට ඉස්සරලාම හිරු ගෙනත් දීලා ඊට පස්සේ තවත් කෙල්ලෙක්ගෙන් ඉල්ලන අයේම A/L ඉවර  වෙලා...... ආයේ ඉතින් ලොවෙත් නෑ ඒ වගේ පොත්....... පොත ඉවර වෙනකන්ම කියවලා යන්න හදද්දි වෙලාව පහයි....... ලයිබ්‍රි එක වහන්නේ හතට ඕනේ නම් තව පොතක් කියවන්න වෙලා ඇති ඒත් දැන් ඒකටත් මූඩ් එකක් නෑ ........ බෝඩිමට ගිහින් කියවන්නත් පොතක් අරන් මන් එලි බැස්සා........ තව විනාස කරන්න වෙලාව තියේ....... අද හවස ලෙක්චර්ස් නිසා කොහොමත් හිරුලා එද්දි හත පහු වෙනවා..... මාත් උන් එක්කම සෙට් වෙන්න හිතන් බාච්චුවක් බලන්න ෆැශන් බග් එක පැත්තේ රවුමක් දැම්මා........ ෆිට් වෙන තරමේ හොද ඇදුමක් තිබ්බේ නැති හින්දා ලෙන්සු කෑලි තුනකුයි එකම ජාතියේ වෙනස් පාටවලින් කීටැග් හතරකුයි අරන් එලියට ආවා....... කීටැග් නම් අරුන් තුන් දෙනාටත් එක්ක ගත්තේ ....... හාහ්හ්හ්හ් දැන් ඉතින් ඔන්න ඔහේ ගාටනවා බෝඩිමට .... කකුලුයි ඔලුවයි සුපිරියටම රිදෙනවා..........

මන්  කණාටු සකුරා ලේන් එකට හැරෙද්දි නිකමට වගේ phone එක අතට ගත්තේ අද දවසටවත් ආපු නොටිෆිකේශන් මොනවද කියලාවත් චෙක් කරේ නැති හින්දා..... යකෝ අද ඇත්තට නිකමටවත් ඩයලොග් කොම්පැනියෙන්වත් මට මැසේජ් එකක් ආවේ නෑ .......... මන් ෆෝන් එක අතට ගත්තම මට නිකන් සුලු දිය බරක් වගේ ආවා......... කඩවුලේ මිස් කෝල් එකසිය ගානක් ...... මොකාද යකෝ මෙච්චර කෝල් අරන් තියෙන්නේ......... ලොක් එක ඇරල කෝල් හිස්ට්‍රි එකට ගියාම අශේන් අයියගෙන් කෝල් දහ අටයි.....හිරුගෙන් කෝල් විසිගානක් ...... අනිත් උන් දෙන්නත් අරන් ...... දේව් අයියත් අරන් ........ ෂුවර් එකටම හිරුල නම් කෝල් ගන්න ඇත්තේ මන් ලෙක්චර්ස් වලට නොගිය නිස වෙන්න ඇති ඊටත් මන් ආදිලාගෙ අපාට්මන්ට් එකෙන් එද්දි අශේන් අයියටවත් කියලා නෙමෙනෙ ආවේ...... කොහෙ කියන්නද මන් බාගෙට මැරිලා වගේනේ ආවේ........ මන් ලෙක්චර්ස් වලටත් නොගිය නිසා....... වාව්...... තත්වේ දරුණු වෙලා වගේ ..... ඒකනේ මෙච්චර කෝල් ...... හොදම වැඩේ කියන්නේ ආදිගෙන් එක කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නෑ ......... එයාට මාව එච්චරකට ගානක් නැද්ද......... ඒ ගැන හිතද්දි පපුව හිර කරන් ආපු හුස්මක් ඉබේම පිට උනා........ නෑ නෑ ..... කෝල් ගන්නෙවත් කොහෙද ආදි අසනිපෙන්නේ....... මන් බෝඩිමට ගියේ හිරුගේ ප්‍රහාර වලට කොහොමද මූන දෙන්නේ හිත හිත........

My Love Where stories live. Discover now