කිරි කිරි බෝලේ...

80 14 7
                                    

Asaliya's pov .

"Oh shit......."

*

*

*

*

පව් අසරණයා ...... මන් එයාගෙ අම්මා නෙමෙ කියලා දැක්කම හොදටම confuse උනා......

" ඔයා මගේ අම්මා නෙමේ..... කෝ මගෙ අම්මා..... ? " මන් දිහා ලාදුරු කාරයෙක් ගානට බලලා අනිත් අය දිහා බැලුවා...... කිචන් කවුන්ටර් එකට එහා පැත්තේ හිටිය අම්මව දැකලා පොඩි එකෙක් අඩන්න ඔන්නමෙන්න ඉද්දි තොල පෙරලනවා වගේ යටි තොලත් පෙරලන් " අම්මා " ගගෙන ගිහින් උදේනී අම්මගෙ කරෙ එල්ලුනා......

" නිකන් ඉන්න චූටි පුතා...... මන් කොච්චරවත් කියලා තියේ නිදි ඇදෙන් නැගිට්ට හැටියේ එන්න එපා කියලා ...... පොඩ්ඩක් මූනකට සෝදගෙන නිදිමත නැතිකරගෙන එන්න එපැයි ..... බලන්න අර ලමයත් බය උනා........ " යසිත් කොලුවව පැත්තකට තල්ලු කරන ගමන් මාවත් පෙන්නලා අම්මා කිව්වා....... උදේ පාන්දරම බැනුම් අහන්න උනේ මගේ වරද හින්දා කියලාද කොහෙද හිතපු යසිත් කොල්ලා මට රැව්වා කොර වෙන්න .....

යකෝ මේ අයියලා මල්ලිලාට රවන්න පුලුවන්නේ ගෑනුන්ට වඩා හොදට...... මුන් දෙන්නටම රැවිම පිලිබද පාඨමාලවක් පටන් ගන්න තියෙන්නේ........ එහෙම උනොත් ඉස්සලම මන් යන්න ඕනේ ඒකට .......

පොඩි එකා තරහ කරගෙන බැරි හින්දා උට කිරි හදන වැඩෙ මන් කරන්න හිතුවා.......

" මන් හදලා දෙන්නද අම්මා ඔයාට ඕක කරන ගමන් මල්ලිට කිරි හදන්න බෑනේ ....... "

" අනේ දුව කරදරයක් නැත්තම් ....... "

" අයියෝ මොන කරදරයක්ද ..... මන් හදන්නම් ...... "

"ආආ ඇයි දෙවනි ඔයා ආවේ ..... මොනවා හරි ඕනෙද..... ? "

එතකොටයි මටත් මතක් උනේ ආදි අයියාත් අවා නේද කියලා....... අම්මා එහෙම අහද්දි මාත් ආදි දිහා බැලුවා ...... ඇසුත් හිනි කරන් මන් දිහා බලන් ඉන්නවා......

" කතුර කොහෙද අහන්න ආවේ .... මන්ම හොයා ගන්නම් ....... " කියාගෙන මටත් රවලා වේගෙන් එතනින් ගියා..... මන් නිකන් නෙමේ කිව්වේ රැවිලි පිලිබද පාඨමාලාව ගැන........

" අනේ අම්මා මට මෙයා එපා .... ඔයානේ කලිනුත් කිරි හදලා දුන්නෙ ඔයා හදන්න ... මන් මෙයාව දන්නෙත් නෑ .... මොනවා දායිද කවුද දන්නේ........ " මන් දිහත් සැකෙන් බල බල යසිත් කියනවා..... හිනත් යනවා අනේ ....

My Love Where stories live. Discover now