💞 chapter 10 💞

74 14 8
                                    


හොස්පිට්ල් එකේ වැඩත් එක්ක ගොඩක් කාර්‍යබහුල වෙලා හිටිය ටේහියුන් වැඩ ඉවර වුන ගමන් ඉක්මනින් ගෙදර එන්න පිටත් වුනේ වොශ් එකක් දාගෙන කෑම කලා නිදාගන්න කියලා හිතාගෙන...

කාර් එක මිදුලෙන් නතර කරලා එයා වටපිට බැලුවේ එයාගේ හුරතල් හා පැංචා පේන්න නැති හින්දා... මොකද වෙනදට එයා ඕෆ් වෙලා එන වෙලාවට මිදුලට වෙලා කැරකි කැරකි ඉදලා එයා අකමැති වුනත් බලෙන්ම ඇවිත් ඒ හා පැටියා කරේ එල්ලෙන නිසා...

ජන්කුක් නෑ කියලා තේරුම් ගත්ත ටේ කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට ආවේ කෝට් එකත් ගලවලා කරේ එල්ලගෙන ශර්ට් එකේ බොත්තම් දෙක තුනකුත් අරින ගමන්...

" ඔම්මා... මං ආවා... මට හොදටම බඩගිනී... මං වොශ් එකක් දාගෙන එන්නම්... "

කිචන් එක පැත්තට ඔලුව දාපු ටේ එයාගේ ඔම්මගෙ කම්මුල්ලට හාදුවක් දෙන ගමන් එහෙම කියලා සෝෆා එක විසි කරලා තිබුන එයාගේ ආම්පන්න ටිකත් අරගෙනම කාමරේට යන්න හිමීට පඩි පෙළ නැගගෙන ගියා...

.

.

.

.

.

.

.
කාමරේ ඇතුල කලුවරම කලුවරයි... දොර ඇරගෙන කාමරේ ඇතුලට අඩිය තියපු ටේට මුලින්ම හිතුණේ කාමරේ ඇතුලේ ජන්කුක් නෑ කියලමයි... ඒත් ඇතුලට ගිහින් දොර වහලා ලයිට් එක දැම්මම තමයි ටේ කාමරේ ඇතුලේ තතිබුන වෙනස දැක්කේ...

 ඒත් ඇතුලට ගිහින් දොර වහලා ලයිට් එක දැම්මම තමයි ටේ කාමරේ ඇතුලේ තතිබුන වෙනස දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුලු කාමරේම ලස්සනට සරසලා ඉටිපන්දම් පත්තු කරලා තිබුනා... හරිම ලස්සන කාම් මියුසික් එකකුත් ප්ලේ වෙන්න දාලා... ඒත් කෝ ජන්කුක්...

ඒ එක්කම ටේට ඇහුණා බාතෲම් එකේ වතුර වැටෙන සද්දේ... ටේ සපත්තු දෙක ගලවලා ශූ රැක් එකෙන් තියලා ඇදුම් ටිකත් ගලවල බොක්සර් එක උඩින් ටවල් එකක් පටලගෙන බාතෲම් එක ලගට ගිහින් ඒකේ දොර ඇරියා...

💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Ongoing)Where stories live. Discover now