🦋Chapter 02🦋

Magsimula sa umpisa
                                    

ඇත්තම කියනෝනන් මම කොහෙත්ම සමාජශීලී කෙනෙක් නෙවෙයි.Not at all....

මේකනේ,මිනිස්සු කොච්චර වුනත් අපිට පෙන්නන්නේ එයාලගෙ ඇත්තම මූණ නෙවෙයි.ඒ එයාලා අපිට පෙන්නන්න තීරණය කරපු මූණ.ඒ මූණෙන් පිටිපස්සෙ තියන ඇත්තම චරිතේ නඩත්තු කරන්න එයාලා ඕනාවටත් වඩා මහන්සි වෙනවා.මම ඇත්තටම ඒකට ආස නෑ.බොරු මූණු ,බොරු හිනා මැද්දේ ඉන්න ඒක ඇත්තටම මහම මහ විකාරයක්.

"බලන්නකෝ අප්පහ් අරයා දිහා..කවුද ඒ?...ඇයි එයා හූඩි එකක් දාගෙන ඉන්නේ...මොන විකාරයක් ද..."

එහෙම කියනකොට දත්මිටි කාගෙන මම මාව සංසුන් කරගන්න උත්සහ කරා.

හැමෝම ඉදියේ මං ගැන රහසින් කුටු කුටු ගගා.කොච්චර කේන්ති ගියා වුනත් ඒ වෙලාවෙ මට මාව පාලනය කරගෙන ඉන්න සිද්ධ වුණා.මොකද හදිස්සියෙවත් මම කලබල වුනොත් මගේ වෘක ස්වරූපය එලියට එන්න පුලුවන් නිසා.

"එයාලව ගනන් ගන්න එපා නෙවාන්.උන් කොහොමත් මහ මෝඩ යක්කු." මගේ වෘක ස්වරූපය වුන හේලියස් මට කිව්වා.

"හරි හේලියස්.මං දන්නවා"

මට ඒ අස්සේ මතක් වුණා මෙහෙදි මගේ මේට්ව හම්බෙන එක ගැනත් මං කලින් හිතුවා නේද කියලා.කාලේ ආපස්සට හරවන්න පුලුවන් වුණා නම් මම ගිහින් මටම,පුපෙනුත් හිනා වෙනවා.හොයයි මේට් ගෙ රෙද්දක්.

කොහොමහරි ඉස්කෝලේ ඉවර වෙනකොට මම හිතුව විදියටම ඒ හැම පන්තියක්ම පුදුම තරම් කම්මැළී වගේම මෙලෝලෝලෝ වැඩකට නෑ.ඇත්තටම ඒ මරි මොංගල් පන්තිවලට ඇවිත් මගේ කාලේ නාස්ති වුණ එක විතරයි වුණේ.මොනා කරන්නද ඉතිම්.කල පව් පස්සෙන් එනෝ කියන්නේ මෙන්න මේ වගේ සීන් වලට තමා.

සතියකට පසු

හරියටම බැලුවොත් මම දැන් මේ බහුභූත ඉස්කෝලෙට ඇවිත් සතියක් විතර වෙනවා.මට නම් දැන් එපා වෙලා ඉන්නේ ලෙසටම.හැම වෙලේම හිත කියන්නේ "ඉස්කෝලෙට බම්බු ගහගන්න කියලා උබ ගෙදර පලයම්" කියලා වුනත් මට ඒක කොහෙත්ම කරන්න බෑ.මොකද මම අම්මටයි තාත්තටයි පොරොන්දු වුණා උසස් පාසලේ වැඩ හරියට ඉවර කරනවා කියලා.ඒ වගේම,මගේම අවාසනාවටද කොහෙද,ඔය "පොරොන්දු කඩනවා" කියන වචන දෙක මගේ ජීවිතේ නෑ.මොකද පොරොන්දුවක් කියන්නෙම රකින්න ඕන දෙයක් නිසා.කොහොමත් මට තව ඉන්න ඉතුරු වෙලා තිබ්බේ සති දෙකක් වගේ පොඩි කාලයක් නිසා කොහොමහරි කාගෙන ඉන්න තීරණය කරා.ඒ වුනාට....හයියෝයෝ...මට මේක කරන්න බෑ වෘක තාත්තේතේතේ....

- කොළ පාට ඇස් - (Onhold)Tahanan ng mga kuwento. Tumuklas ngayon