6 🧸🩸

52 16 8
                                    

මින්ජිගෙ මරණය වී මාස හතරකුත් ගෙවී ගිහින්.. රේඩියෝ fm එකෙන් දවස් කීපෙකට වතාවක් තමන්ගෙ කැමතිම ගීතය ජංගුක් ඉල්ලද්දි යුංගි සෝල් අවට පොලිස් බටයන් 500කටත් වඩා යොදලා ආරක්ශා කරන්න ඇති.. මින්ජිගෙ මරණයෙන් පස්සෙ තවත් ඝාතන 4ක් සිදු වුනා.. ඒවත් ජන්ග්කුකක්ගෙ dead doll දාම ඝාතන සිද්දියට ආදල බවේ කිසිම සැකයක් නෑ.

යුංගි මාස 4ක් තිස්සෙ නිදාගත්ත දවසක් හරිහමන් කෑමක් ගත්තු දවසක් නැති තරම්. රැයක් දවාලක් නැතුව යුංගි මේ ගැන හෙව්වත් කිසිම හෝඩුවාවක් නෑ. ජිනුත් එලෙසමයි. ඉස්සර තිබුනු lawyer kim ගෙ උජාරුව දැන් ඒ මුහුණෙ නෑ. විඩාබර පෙනුමක් එක්ක ජින්ගෙ හිතටත් දැන් මහන්සි. ඒත් ජින් තවමත් හුස්ම ගන්නෙ තමන්ගෙ බිරුඳටයි දරුවටයි පින්සිද්ද වෙන්න. ජින්ගෙ පුතාට දැනට මාස 2යි. මින්ජිගෙ මරනින් මාස 2කට පසුව ජීවෝන් ජින්ගෙ දරුවට උපත දෙනවා.

මින්ජි ඇතුලුව මාස 6ක් ඇතුලත සිදු වෙච්ච කාන්තා ඝාතන 07ක් අදටත් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුන ඒ මානසික ව්‍යාදිකයා කවුරුන්ද යනවග මුලු දකුණු කොරියාවටම අභිරහසක් වෙලා. ඒත් ජින්වත් යුංගිවත් දකුණු කොරියානු පොලීසියවත් බලාපොරොත්තු අත් හැරෙගන්නැතුව මේ සම්බන්දව මහන්සි වෙලා ඝාතකයව හොයාගන්න මහන්සි වුනේ ඉදියටත් වෙන්න තියෙන ඝාතන වලක්වාගැනීමේ උවමනාවෙන්..

වෙලාව රාත්‍රී 8යි. යුංගි තවමත් මොනාදෝ කොල ගොඩක් අස්සෙ මූණ ඔබාගෙන බර කල්පනාවක..

" පාක් මෙහෙට ටිකක් එනවා.."

" දේ සර්.."

" dead doll සිද්දියේ හැමදෙයක්ම මට මුල ඉඳන් කියන්න. මට මේ පේප'ස් වල තියෙන ඒවා කියවලාම ඇති වෙලා. මම කැමති පාක් මට ඇහෙන්න කේස් එක ගැන විස්තරයක් කියනවනම්.."

" මට විනාඩියක් දෙන්න සර්.."

පාක් හැකි ඉක්මනට dead doll සම්බන්දව තියෙන හැම ෆයිල් එකක්න යුංගි ලඟට ගෙනැවිත් මේ අතිශය කුරිරු දාම ඝාතනය සම්බන්දව ආයෙත් යුංගිට පැහැදිලි කලා..

 පාක් හැකි ඉක්මනට dead doll සම්බන්දව තියෙන හැම ෆයිල් එකක්න යුංගි ලඟට ගෙනැවිත් මේ අතිශය කුරිරු දාම ඝාතනය සම්බන්දව ආයෙත් යුංගිට පැහැදිලි කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 26 ⏰

Add this story to your Library to get notified about new parts!

THE CHAIN KILLER | ONGOINGWhere stories live. Discover now