2#

70 17 8
                                    


" තමුන්ට මාව විහිළුවක් වගේද පේන්නෙ නැගිටිනවා ඉස්සෙල්ලා...."

විද්‍යා මිස්ට මල් පැනපු පාර මම නැගිටලා සීරුවෙන්ම හිටගත්තා. අර ගොබ්බ උඩුගුවා කට ඇරන් මන් දිහා බලන් ඉන්නවා....දෙන්න හිතෙනවා මුගෙ.....@@
මන්ත්‍රී තුමාගෙ චිම්පන්සියා...ඕකා හින්දා තමයි ඔක්කොම.....

" ඒ මල බද්දයක් ගැන නෙමෙයි අයියෙ මිස් කිව්වෙ....." මට එහාපැත්තෙ උන්න මල්ලි රහසින් කියද්දියි දීපු උත්තරෙ බරපතලකම තේරුණෙ.....මිස් පුලුවන් නම් මගෙ වැලි කඩදාසියකින් මැදලා ඇන්ටිකොරෝසන් ආලේප කරයි.....

" ඔය එහා පැත්තෙ ඉන්න එකා කියනවා බලන්න......"

හරි ඒ පාර අර උගුඩුවා....

" එ-ඒකම තමයි මිස්....." ඒ අනිත් එකා ඌ ඒ ලෙවල් මැත්ස් ක්ලාස් වල....
විද්‍යා මිස් සාරිපොටත් කරකවලා අරන් ඉනේ ගහන් නැගිට්ටා....

" තමුසෙලා මොන සිහියෙන්ද ඕයි ඉන්නෙ ආ.....මන් මෙච්චර උගුර ලේ රහ වෙනකම් උගන්නනවා තමුසෙලා වෙන ලෝක වල...තමුසෙලගෙ දෙමයිපියො දුක් විදලා හම්බ කරලා ඉස්කෝලෙ එවන්නෙ ඕකටද..... විභාගෙ පාස් වෙන්න ඕන නැද්ද....."

" පාස් මිස්...." බිම බලන් හිටිය මන්ත්‍රී පුතානෝ හිමින් මුමුණද්දි මන් හිතන්නෙ මිස් වෙනුවට එතන උන්නෙ කාලි අම්මා...

" මොකක්ද....ඇහෙන්න කියනවා...කුටු කුටු ගාන්නෙ....."

" අපි ඕලෙවල් පාස් මිස්....මූ කොමස් මන් මැත්ස්....."

මුගෙ....අප්පට......අනෙ ඇත්තමයි අයියෙ මට මරාගෙන මැරෙන්න හිතුනා.....

මිස් අන්දුන් කුන්දුන් වෙලා පන්තිය වටේ බලද්දි මල්ලිලා ටික වයින් කරලා වගේ ඔලු ටික වනන්න ගත්තා....මුන්ට දෙවිවරු කිව්ව මට හෙණයක් ගහන්න ඕන....

" ඒ ලෙවල් ළමයි මොකද ඕ ලෙවල් ක්ලාස් වල කරන්නෙ...!! "

" අ-අයියලා ගණන් කියා දෙන්න ආවෙ මිස්..."

" එ..ඒක තමා මිස් අපි යන්නම්....."
අම්මේ....සුදු වස්තු කැටේකට පින් සිද්ධ වෙන්න ඒක අපිව බේරගනිද්දි අර උගුඩුවා මාවත් ඇදන් මිස්ටත් වැදලා දිව්වා.

ඒ ලෙවල් ක්ලාස් තිබුණෙ ප්‍රින්සිපල් ඔෆිස් එකට කිට්ටුව....සයන්ස් එක නම් වෙනම හින්දා අවුලක් නෑ උගුඩුවට ශෝර්ට් කට් එකකින් ගිය හැකි....ඒත් කොමස් එක තිබ්බෙ ප්‍රින්සිපල් රූම් එක කටේමයි....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now