මඟ දුරක් ආව මන් අත ගසලා අරකගෙන් ඇදලා ගනිද්දි අයියා මන් දිහා රවලා බලන් හිටියා....දෙන්නට දෙන්නා රවාගෙන තත්පර ගානක් බලන් ඉන්න ඇති ඒත් එක්කම උඩ පඩිපෙල බැහැන් එන ප්‍රධාන ශිෂ්‍ය නායකයා දැක්කා විතරයි අපි ආයෙත් මාරු වුණා....මන් කලබලේ රිංගුවෙ වොෂ්රූම් එකට....එකේ ලොක් කරලා නැති ස්ටෝල් එකක් ඇරගෙන මන් ඇතුලට පැන ගත්තා....

" මන් පස්සෙන් එන්න එපා හු@තො..."

ඉදකින් මේ උගුඩුවත් ඒක අස්සෙ.... ආවනම් ලොක්කර ගනිම්කෝ.... මඟුලක් කරන්නෙ නැතුව....

" තල්ලු කරන්න එපා පගො එලියෙ ළමයි ඉන්නවා..."

"එකෙක් පීරියඩ් කට් කරලා අහුවෙන්නෙ නෑ......පලයව් පන්ති වලට....! "

අම්මට සිරි වෙන්න හෙඩා ඇවිත්.....මේ පගා එහෙන් මාව එලියට තල්ලු කරනවා..මන් ඌව කොමඩ් සීට් එක උඩටම තල්ලු කරලා දාලා දොර ඇතුලෙන් ලොක් කලා...

" කට වහන් ඉදපන් හරි....තෝ හින්දා මට හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ...."

අරකා වල් ඌරෙක් වගේ දත්මිටි කාගෙන නහයෙන් පිඹිද්දි මන් හෑන්ඩ් ශවර් එක මූණ කෙලින් අල්ලන් තර්ජනය කලා....
කෑ ගැහුවොත් නම් අම්මපා නාවන එක නාවනවා....

" මන්....මන් මොනවද යකො කලේ උඹනෙ පිනාගෙ රූම් එකේ වීදුරුවට කෙලියෙ....
උඹ හින්දා හු@තො මටත් කෙල වුණේ...."

ගොබ්බ උගුඩුවා මාව කොලර් එක ගාවින් අල්ලගෙන බිත්තියට තියලා තද කරා....
මාත් හෑන්ඩ් ෂවර් එකෙන් උගෙ මූණට වතුර පාරක් ඇල්ලුවා....

" තෝ මොකටද කෙලගෙන බෝලෙ දැම්මෙ උඹ බෝලෙ දාපු විදිහට තමයි මාත් ගැහුවෙ.....උඹේනෙ වැරැද්ද....."

" මිහින්....නවත්තපන් ඕක මගෙ යකා අවුස්සගන්නෙ නැතුව....."

" අම්බෝ...බය වුණා උඹේ යකාට.....පලයන් හු@@ යන්න...."

" උඹට....! "

ඒකා අත මිට මොලවලා දුන්න පාරකට
මගෙ තොලපට පැලිලා යද්දි අනිත් මාත් උගෙ කම්මුලෙ අත හිටින්නම දුන්නා...
ඇද්ද පාරකට මගෙ ශර්ට් එකේ එක අතක් ජරාස් ගාලා ඉරිලා ගියා....
දෙන්නට දෙන්නා එකෙක්වත් අත අරින්න ලෑස්තියක් නෑ.....කැත උගුඩුවා.....මගෙ ශර්ට් එකත් ඉරලා මන් නම් ඕකව අතඅරින්නෙ නෑ....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now