🦋Chapter 01🦋

Start from the beginning
                                    

"හරි එහෙනම් හයක් විතර"

මම එහෙම කියලා අම්මා කෑම එක දුන්නට පස්සේ ඒක ගිලින්න පටන් ගත්තා.

ඇත්තටම අපි පහුගිය කාලේ එල්පිස් වල ගමක ඉදලා ඔරිගන් වල සැන්ටාසියාවේ තියන අයිල්ස් නිම්නයේ පදිංචියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇත්තටම අපි පහුගිය කාලේ එල්පිස් වල ගමක ඉදලා ඔරිගන් වල සැන්ටාසියාවේ තියන අයිල්ස් නිම්නයේ පදිංචියට ගියා.එහෙදී මගේ තාත්තා ඇල්ෆා කෙනෙක් විදියට හිටියේ.ඒත් ලොකු කාලයක් අපිට ඉන්න හම්බුනේ නෑ.සතුරු කණ්ඩායමක් පහර දුන්න නිසා අපිට අපේ ජීවිත බේරගන්න දුවන්න සිද්ධ වුණා.ජීවිත ගලවගත්ත අපේ ඉතුරු අය ලෝකෙ වටේම තියන අනික් වෘක කණ්ඩායම් වලට බැදෙන්න ගියා.

මගේ අම්මට තාත්තව මුනගැහිලා තිබුණේ නිවාඩුවක් ගත කරන්න ගිය වෙලාවක. ඉතින් පස්සේ එයාලා කතා වෙලා සැන්ටාසියාවලම පදිංචි වෙන්න තීරණය කරා.

මගේ තාත්තා දැන් ඉන්න කණ්ඩායම් නායකයා,ඒ කිව්වේ ඇල්ෆා භාතිය ට පක්ෂපාතීව වැඩ කරනවා කියලා දිවුරා පොරොන්දු වුණ නිසා අපිට මේ කණ්ඩායමට එකතු වෙන්න පුලුවන් වුනා.නායකයට ගැටලුකාරී අවස්ථාවලදී ඒවා විසදගන්න තාත්තා සාමාන්‍යයෙන් උදව් කරනවා.ඒ වගේම මට දැන ගන්න හම්බුනා ඇල්ෆා භාතිය එයාගේ තනතුරෙන් අයින් වෙලා ඒක එයාගෙ පුතාට දෙනවා කියලා.

ඇත්තම කියනෝනන් මම ටිකක් කලබල වෙලා ඉන්නේ.මොකද හෙට මම අයිල්ස් නිම්නයේ අලුත් පාසලකට යනවා.ඇත්තටම මට තේරෙන්නේ නෑ ඉස්කෝලේ ඉවර කරන්න සති දෙක තුනක් තියන් මං මොන කෙහෙල්මලකට ඒකට යනවද කියලා.මට ඕන ඇල්ෆා රජතුමාගේ මාළිගාවේ සෙබලෙක් වෙන්න විතරයි.අනික ඒකට ශ්‍රේණියක් බලන්නෙත් නැහ්.මේ මිනිසුන්ගෙත් වෙලාවකට තීන්නේ මහ මෝඩ නීතී.

අනිත් එක ඔයාලා බලනවා ඇති ඇයි මම හැම වෙලාවෙම hoodie එකකින් මගේ මූණ වහන් ඉන්නේ කියලා.මොකද මම කැමති නෑ කවුරුවත් මාව පෙනුමෙන් විනිශ්චය කරනවට,මට ඕන මිනිස්සු මගේ මූන මතක තියාගන්නවට වඩා මාව මතක තියාගන්න.එහෙම නැතුව මගේ මූනේ කැලලක් තීන නිසාවත්,මම කැත නිසාවත්,මම මගේ මූණ ගැන ගොඩක් කෙයා කරන නිසාවත් නෙවෙයි.පෞද්ගලිකව මම දකින්නේ පෙනුමෙන් තව කෙනෙක්ව විනිශ්චය කරන මිනිස්සු හරිම නූගත් හාදයෝ විදියට.මොකද පිට රූපේ මොන වගේ උනත් අපි දන්නේ නෑනේ ඒ කෙනාගේ ඇතුලාන්තෙ මොන වගේද කියලා.

- කොළ පාට ඇස් - (Onhold)Where stories live. Discover now