CHAPTER 12 🌱

492 57 23
                                    

මේ මාස 9ටම මට සනීපෙට නින්ද ගියපු එකම රෑ ඊයේ රෑ වෙද්දි එයා මුලු රෑම අවදියෙන් ඉන්න ඇත්තේ කියන එක මට තේරුනේ උදේ නැගිටලා එයා ඈනුම් අරිද්දි... අම්මායි අප්පච්චි හසී ඉන්න නිසා ඊයේ රෑ ගෙදර ගිහින් සසින් එක්ක උදේම ආවා මාව බලන්න..

" හසී ඔයා අපේ ගෙදර ගිහින් ටිකක් නිදාගෙන එන්න.. ඔයාට ගොඩක් මහන්සි ඇතිනේ ඉන්ග්ලන්ඩ් ආපු ගමන් හොස්පිට්ල් ඇවිත් මන් ලග ඉදලා.. "

" නෑ මැනික මට ඔයා ලග ඉන්න ඕනි.. මට මෙච්චර දවස් ඉන්න බැරි උන එකේ දැන්වත් මට ඉන්න ඔනි "

" හරි එහෙනම් වොශ් එකක් දාගෙන චේන්ජ් කරන් එන්නකෝ.. අපි ආවම මොනාහරි කමු."

" හරි එහෙනම්.. ඔහොම ඉන්න හෙලවෙන්නෙවත් නැතුව.. මන් සුටුස් ගාලා එන්නම්.. සසින් මෙයාව බලන්න.. "

හසී වොශ් එකක් දාගන්න ගියේ මාව සසින්ට පවරලා.. හසී ඇතුලට යනකන් ඉදලා සසින් ඇවිත් මගේ බෙඩ් එකේ අයිනෙන් ඉදගත්තා..

" නිසල්.. ඔයා මට කෝල් එකෙන් කියපුවා බොරු නේද.. මේ විදිහට සප්‍රයිස් කරන්න කියපු එකක් නේද ඒක.. "

" මම වැඩිකල් ජීවත් වෙන එකක් නෑ කියන එකද "

" හ්ම්ම්.. "

" ඒක ඇත්ත සසින්.. මම ඉන්නේ ඔයාලා හිතනවට ලොකු අවදානම් තත්වෙක.. "

" අනේ නිසල් ඔහොම කියන්න එපා.. මේ පැංචාටත් ඇහෙනවනේ... "

" පැංචා තමා නිසල් මගේ දුක දන්න එකම කෙනා.. මම හසීව හොයපු තරම් දන්නේ පැංචා විතරයි.. කනබොන උගුරක් ගානෙම ආපස්සට වමනේ යද්දි මගේ ඇගේ ලේ නැතුව මට ලේ දෙද්දි මම මගේ පැංචාවත් අවදානමේ තියාගෙන මේ ඉන්නේ.. "

" මොනවද නිසල් මේ කියන්නේ "

" සසින්.. බබාව හම්බෙද්දි බොහෝ දුරට මට අමාරු වෙයි.. මම ඒ සේරම දැනගෙනයි සසින් මගේ දරුවව වදන්න එදා තීරණේ කරේ.. හැමෝම මගේ ලේ කැටියව අතාරින්න කියද්දි මම එයාව හදන්න තීරනේ කරේ මගේ ජීවිතේ අතෑරලා.. ඔයා දන්නවද ඒ ඇයි කියලා.. හසී මේ අදුරුදු ගානටම මට දීපු එකම තෑග්ග මේකනිසා සසින්.. ඉතින් මට ඕනි වුනා මගේ අමාරු කාලේ පැංචා එක්ක විදගත්තත් මගේ පැංචාට අඩුම එයාගේ අප්පච්චිව පෙන්නන්න.. මගේ පැංචා මටත් වඩා අප්පච්චිට ආදරෙයිද කොහෙද සසින් ඒ කටහඩ ඇහුනත් එලියට එන්නමයි හදන්නේ "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now