" මම ඔයාට පනටත් වඩා ආදරෙයි මගේ මැනික "

" මමත් ආදරෙයි මගේ හසී.. බලන් ඉන්නවා ඉක්මනින් එන්න.. "

මගේ චන්ඩි පැංචා අප්පච්චිගේ කටහඩ අහල එලියට එන්න අරගල කරනවා.. මට පයින් ගගහා එක විකාරයයි..

' ආහ්හ්..පුතු මගේ.. ඉන්නකෝ වස්තුව ඉවසලා.. අප්පච්චිව දකිනකන් අම්මට පුතුව එලියට ගන්න බෑ මගේ වස්තුව.. පුතුට අම්මි නැතත් අප්පච්චි හරි ඉන්නවනේ කියලා දකිනකන් මට මගේ මැනිකව එලියට ගන්න බෑ රත්තරනේ.. '

මම පුදුමාකාර අමාරුවෙන් ඇදෙන් බැස්සේ කකුලුත් ඉදිමිලා තුන්ටියෙනුත් ආපු වේදනාව ටිකක් අඩු කරගන්න.. අම්මා කෙනෙක්ගේ ඒ වේදනාව හිතාගන්නවත් බැරි දරුනුයි කියලා මට තේරුනේ මාත් අම්මා කෙනෙක් වෙන්න හිටපු නිසා.. ඇග ඇතුලේ මස් නහර අමු අමුවෙම ඉරාගෙන එන ඒ වේදනාව එක්ක චූටි පැටියා එලියට එන්න කරන අරගලයත් ඉවසන් රස කෑමක් කන්න පිරියක් නැති වෙද්දි පැංචා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන්න ඒ එන හැගීම හරිම පුදුමාකාරයි..

මගේ අම්මා මගේ බන්ඩියේ ඔලිව් ඔයිල් ගගා හරිම පරිස්සමින් අතගාද්දි අප්පච්චිත් අනේ ඇවිත් බන්ඩියට කන තියාගෙන පුංචි පුතුගේ දාංගලේ අහන් ඉන්නවා.. අනේ මගේ හසීටත් මේ අත්දැකීම ගන්න තිබ්බනම්.. මම නිසා ඒ හීනේ එයාට ජීවත් වෙන්න බැරි වුනා කියලා දැනෙද්දි ඇත්තමයි මගේ පපුව කීරි ගැහුනා..

.
.
.

හසී සසින් දෙන්නම එනවා කිව්වට දවස් තුනක් ගිහිල්ලත් ඒ දෙන්නා ආවේ නැති නිසා මම හිටියේ ඇත්තටම දුකින් ඒවගේම බයෙන්.. මොකද දරුවා හම්බෙන්නම ඇත්තටම ගොඩක් ලන් වෙලා කියලා මට දැනෙන්න අරන් තිබ්බේ.. මගේ බ්ලඩ් ප්‍රෙශර් වල ඉදන්ම වැඩිවෙලා මම හිටියේ ඩොක්ටර්ස්ල කිව්වා වගේම හොද තත්වෙක නෙවෙයි.. හැම වෙලේම මගේ ලග එක්කෙනෙක් හරි තනියට හිටියෙම මට කොයි මොහොතෙ කොයිවගේ තත්වෙකට මූන දෙයිද කියලා විශ්වාස නැති නිසා..

" ආහ් අම්මේ.. "

" පුතේ ඇයි රත්තරනේ.. "

" අනේ මේ කොලුවා දගයි අම්මේ.. දැන්නම් මට ඉන්න අමාරුයි අප්පා.. "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now